මීගමුව ලෙල්ලමට ආ දොදොල් වෙළෙන්දා !

0
306

IMG-20191226-WA0003

මෙය සිදුවූයේ නත්තලට පෙරදින මීගමුවේ , පිටිපන මාළු ලෙල්ලමේදීය. මා සිටියේ මීගමුව නාගරික මන්ත්‍රී සංගීත් අසලය. ඔහු මාළු වෙළඳාමද කරයි . මෙම අවස්ථාවේ ජ. වි. පෙ . සාමාජිකයෙක් වන ජේමිස් ද අවට මාළු වෙළඳාම කරන තවත් අයද තම කටයුතු කරමින් සිටින අතර දොදොල් පට්ට රැගෙන අයෙකු පැමිණෙයි. සංගීත් ඔහුට අතවනා කතා කරයි .දොදොල් කොහොමද ? සංගීත් අසයි. හොඳයි අයියා ඔහු පිළිතුරු දෙයි. එදා තත්වයයි , අද තත්වයයි කොහොමද ?
දැන් ඉස්සර වගේ නෙවෙයි . ආර්ථිකේ අමාරුයි . අපි මේවයින් තමයි ජීවත්වෙන්නෙ .
සංගීත් තවත් ප්‍රශ්ණ අසයි . ඔහු පිළිතුරු දෙයි. ඒ අතර පොල්ලක් මෙන් සකසා ඇති දොදොල් පට්ටයක් රැගෙන කපා අවට සිටින සියළු දෙනාටම බෙදයි.
මා මැදට පැන්නේද මේ අතරය. මා ඔහු සමඟ කළ කතාබහ අනුව ඔහු නමින් ලක්ෂ්මන්ය. ගම රුවන් වැල්ලයි. මේ රස්සාවට යොමුවී අවුරුදු 10 ක් පමණය. කලින් ත්‍රිවිල් රස්සාව කළ බවත් , හයර් නැති නිසා මේ රස්සාවට යොමුවූ බවත් ඔහු පැවසීය . එසේම මීට අමතරව කිතුල් හකුරු , කිතුල් පිටි, කිතුල් පැණි, ගම්මිරිස් , මීපැණි ආදියද ගෙනෙන බව ඔහු පවසයි .
මෙය අපූරු දර්ශනයක් විය .
දොදොල් වෙළෙන්දා සමඟ සංගීත් කළ කතාබහ තුළ මතුවූයේ ඔහුගේ මිනිස්කමේ ස්වභාවයයි . මිනිස්සුන්ට මතුවන විවිධ ප්‍රශ්ණ වලදී ඔහු මැදිහත් වන්නේ කිසිදු ලාබාපේක්ෂාවෙන් නොවන බව අපි දැක්කෙමු . ඒ අනුව ඔහු සිටිය යුත්තේ එ. ජා. පය වැනි පක්ෂයක නොව වමේ පක්ෂයක යැයි මට සිතින.
මෙය අපූරු දර්ශනයක් විය.
මා අසා ඇති ආකාරයට ඔහුගේ පියාද එවැන්නෙකි . ඒනිසා මෙය සංගීත් සතු විශේෂ ගුණාංගයක් යැයි මට හැඟින. එමෙන්ම ඔහු සිටිය යුත්තේ එ. ජා.ප යේ නොව වමේ පක්ෂයකයැයිද මට සිතුනේ ඇයිද යන්න මා තවමත් කල්පනා කරමි.
විශේෂයෙන්ම මිගමුවේ එජාප නාගරික මන්ත්‍රින් බහුතරයක් ඩීල් පප්පලා ලෙසින් කටයුතු කරගෙන යන පසුබිමක මිනිසත්කමට පමණක් සැමවිට මුල්තැන තැන දෙන් සංගීත්ලාට එජාප ගැලපෙන්නා නැතුවා වැනිය.