මීගමුව වෙරළ උද්‍යානය අයිති කාටද..??

0
185

වෙරළට අයිතිවාසිකම් කියන් විවිධ කණ්ඩායම් සිටින එකම නගරය වන්නේ මීගමුවයි.මීගමුව ජනයා අනාදිමිත් කාලයක් භූක්ති විදි මීගමුව වැල්ලට දැන ් අයිතිවාසිකම් කියන්නේ  කතෝලික පල්ලියයි.ලකාවෙ කතෝලික පල්ලියකට අයිති වෙරළක් මුළු ලෝකයේම ඇත්තේ මීගමුවේ පමණක්ම විය යුතුය.

මෙ අනුව මීගමුවේ ඇති එකම වෙරළ උද්‍යානයද තමන් ට අයත් දේපලක් යැයි මීගමුව මහනගර සභාව කියන්නට පටන්ගෙන ඇත.ඇත්තටම එය අයත්වන්නේ නව ක්‍රමයට අනුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයටය.

එහෙත් මීගමුව මහනගර  සභාවේ 2013 අයවැය ලේඛනයට අනුව එය තවමත් මීගමුව මහනගර සභාවට අයත් දේපලක් යැයි සටහන් තබා ඇත.

මේ අනුව වෙරළක් අයිති එකම නගර සභාව ඇත්තේද මීගමුවේමය.

වෙරළ උද්‍යානයේ රථගාල පිහිටි කොටස පමණක් අයත්වන්නේ මීගමුව මහනගර සභාවටය.

රථ ගාලේ භූමිභාගයේ අයිතිය දැන්  වෙරළ දක්වා අනවසරයෙන් අල්ලාගෙන ඇත්තේ නගර සභාවයි.