ශ්‍රිලනිප වත්තල ආසන සංවිධායක ලෙස දැනට කටයුතු කරන නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතාට මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායකධුරය හිමිවිමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටි.
නිමල් ලංසා ඇමති වරයා මේ සිහිනය දකිමින් සිටියේ මීට බොහෝ කලක සිටය.තමන්ගේ නිවස විශේෂ කාර්ය බලකාය විසින් පරික්ෂා කිරිමෙන් අනතුරුව සැප දුක් විමසන්නට නිමල් ලංසා මහතාගේ නිවසට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා තිබුනේ ඒ දිනවල යෙදි තිබුන විදේශ් සංවාරයෙන් පසු මීගමුව ආසන සංවිධායකධුරය නිමල් ලංසා වෙත ලබාදෙන බවය.
එහෙත් මහින්ද රාජපක්ෂ මහතා මීගමුව තබා වත්තල ආසනය වත් නිමල් ලංසා මහතාට ලබාදිමට පියවර ගෙන තිබුනේ නැත.