එජාප නායක රනිල් වික්රමසිංහ මහතා විසින් යහපාලනය ඉදිරියට ගෙන යාම සදහා යෝජනා කර ඇති ආසන මට්ටමේ සංවර්ධන කමිටු වැඩසටහනේ මීගමුව සංවර්ධන කමිටුවේ සභාපති කම ගැනිම සදහා ඇමති නිමල් ලංසා විසින් සටනක් දියත් කර ඇතැයි වාර්ථා වේ.
වත්තල ආසන සංවිධායකයා වු නිමල් ලංසාට මීගමුවේ සංවර්ධන කමිටුවට කුරුමානම් ඇල්ලිමට කිසිදු අයිතියක් නැතැයි පවසන මීගමුව එජාප ක්රියාකාරින් අවධාරණය කර සිටින්නේ මීගමුව වැඩි ඡන්ද 30000කින් දිනවු එජාප මීගමුව ආසන සංවිධායක රොයිස් විජිත මහතා වෙත එහි සභාපතිත්වය ලබාදිය යුතු බවය.