මීගමුව සදහම්පුරයක් කරදෙන්න මඩු මැණියන්ට ආයචනයක්

0
73

මීගමුව අද පත්ව ඇති සදාචාර විරෝධි තත්වය ගැන බරපතල ලෙසින් සලකා බැලිමෙන් අනතුරුව මීගමුවේ ගෙයක් ගෙයක් පසා ගොස් මඩු මැණියන්ට විශේෂ යැදුමක් කිරිමට තමන් ඇතුළු කණ්ඩායමක් තිරණය කොට දැනමත් ක්‍රියාත්මක ඇති බව එක්සත් ජාතික පක්යේ මීගමුව සංවිධායක දොස්තර ජයලත් ජයවර්ධන මහතා පවසයි.

මීගමුවේ දැනට ක්‍රියාත්මක දේශපාලනඥයන්ගේ පුර්ණ අනුග්‍රහය ලබන සම්බාහන ආයතන මෙන්ම අද බිච් පාක් එක වැනි මහජන උද්‍යාන වල සිදුවෙමින් පවත්නා විනය විරෝධි කටයුතු දිනෙන් දින වැඩිවන පසුබිමක මීගමුව  සදහම්පුරයක් කර දෙන්නට යැයි කියා මේ මඩු දේවමතා යැදුම් මෙහෙය දිගටම ක්‍රියාත්මක කරන බවත් මේ පිළිබදව කතෝලික පල්ලියේ සියළු ප්‍රධානින් වෙත දැනුම් දි ඒ සැමගේ පුර්ණ අශිර්වාදයද ලබාගෙන ඇති බව තවදුරටත් මීපුර ට පවසා සිටියේය.