මීගමුව, සමුපකාර ඡන්දය මේ මස 23 දා , අයදුම්පත් භාර ගැනීම 16 වෙනිදා දක්වා

0
20

 

සීමාසහිත මීගමුව නව විවිධ සේවා සමුපාකාර සමිතියේ සභිකවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරාගැනීමේ ඡන්ද විමසීම මේ මස එනම් පෙබරවාරි මස 23 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. එලෙසම මේ සඳහා අයදුම්පත් භාර ගැනීම මේ මස 16 වෙනිදායින් අවසන් වීමට ද නියමිතව ඇත. ඒ අනුව ඒ සඳහා අයදුම්පත් නිකුත් කිරීම මේ දිනවල සිදුවේ.

මේ අනුව සීමාසහිත  මීගමුව නව විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ප්‍රාදේශීක 34 කට සභිකවරුන් 100 දෙනෙකු තෝරා , එම සභිකවරුන්ගෙන්,  සභිකවරුන් 07 දෙනෙකු සමුපාකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයට තෝරා ගැනීමට නියමිතව ඇත. සභාපති, උප සභාපති සහ  තවත් අධ්‍යක්ෂකවරුන් 05 දෙනෙක් මෙම 07 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂක මණ්ඩලයට ඇතුළත් වේ.

මේ මස 23 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති මෙම ඡන්ද විමසීම ,බස්නාහිර පළාත් සමුපාකාර  දෙපාර්තමේන්තුවේන් පත්තර ඇති ඉහළ මට්ටමේ නිලධාරියෙකුගේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීම මත පැවැත්වීමට නියමිත බව ද වාර්තා වුණි.

පසුගිය  2024 වසරේ සැප්තැම්බර් මස 27 වෙනිදා සිට සීමාසහිත මීගමුව නව විවිධ සේවා සමුපාකාර සමිතියේ, හිටපු සභාපති  ස්ටැන්ලි ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් අධ්‍යක්ෂක මණ්ඩලය විසුරුවා හැරිණි
එතැන් පටන් මේ දක්වාම සමුපාකාර සමිතියේ සියලු වැඩ කටයුතු පාලනය වන්නේ සමුපාකාර දෙපාර්තමේන්තුව විසින් පත්කර එවු නිලධාරිනියන් තිදෙනකුගෙන් සමන්විත වන පාලක මණ්ඩලයක් මගිනි.

මේ දිනවල රටේ පවතින දේශපාලන වාතාවරණය නිසාම, ආණ්ඩු පක්ෂයත්, විපක්ෂ කණ්ඩායම් අතරත් ගම් මට්ටමේ ජනප්‍රියත්වය විමසා බලන ඡන්ද විමසීමක් ලෙසද , මේ දිනවල රටේ නන්දෙසින් පැවැත්වෙන  සමුපාකාර ඡන්ද විමසීම් හඳුන්වා දිය හැකිය.. ඒ අනුව මීගමුව ප්‍රදේශයේ  ආණ්ඩු පක්ෂයටත් විපක්ෂ කණ්ඩායම්වලටත් ඇති ජනප්‍රියත්වය මෙම ඡන්ද විමසීම තුළින් යම් ආකාරයකින් නිරූපණය වන නිසා , බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ මීගමුව සමුපාකාර ඡන්ද විමසීම ද  දැඩි තරඟකාරීත්වයක් උසුලනු ඇති  බවයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here