මීගමුව, සමුපාකාර සමිතියත් ලෝක කාන්තා දිනය සමරයි.

0
98

 

WhatsApp Image 2025 03 14 at 17.06.43 c3bfc781 WhatsApp Image 2025 03 14 at 17.08.31 f351d326 WhatsApp Image 2025 03 14 at 17.13.15 d01ac003 WhatsApp Image 2025 03 14 at 17.15.28 69536e9a

මාර්තු මස 08 වැනි දිනට යෙදෙන ලෝක කාන්තා දින සැමරුමට සමගාමීව, මීගමුව නව විවිධ සේවා සමුපාකාර සමිතිය මගින් ,කාන්තා දින සැමරුම් වැඩසටහනක් පසුගිය 11 වැනි (03/11) අඟහරුවාදා දින පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන පවත්වනු ලැබුවේ සමුපාකාර සමිති, ප්‍රධාන ශාලාවේදීය.
මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත දේශනය සිදු කළේ මීගමුව මූලස්ථාන පොලිසියේ, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වන, උප පොලිස් පරීක්ෂක ශහීනා හෂීම් මහත්මිය විසිනි . වර්තමාන ශ්‍රී ලාංකික සමාජය තුල කාන්තාව මුහුණ දෙන ගැටළු සහ පැන නැගී ඇති පවුල් ප්‍රශ්න සහ ආරවුල් පිළිබඳව පැහැදිලි කරමින් ඇය විසින් මෙම වැඩසටහනේදී වියත් දේශනයක් පවත්වන ලදී . එලෙසම මෙම දේශනයේදී ඇය විසින් වැඩිදුරටත් පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ සමාජය තුළ පැන නැගී ඇති ගැටලු සහ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේදීත් එලෙසම තම පවුල ආශ්‍රිතව පැන නැගී ඇති ප්‍රශ්න හා ගැටලුවලට පිළිතුරු සෙවීමේදීත් කාන්තාව ඉතාම ඥානාන්විතව ඒ සඳහා මැදිහත්ව ක්‍රියාකළ යුතු බවයි. එලෙසම මෙහිදී ස්ථානාධිපතිවරිය වැඩිදුරටත් අවධාරණය කළේ එම ගැටළු විසඳීමේදී පොලිසිය පාර්ශවයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ⁣ය මැදිහත්ව ඒ සඳහා නීති ප්‍රකාරව කටයුතු කළ හැකි බවයි. එහිදී නීතියේ පිළිසරණ සැමට සාධාරණව ලැබෙන සේ කටයුතු කිරීමට එම කාර්යාංශය ඒ සඳහා මැදිහත්ව කටයුතු කරන බවත් මෙම දේශනය තුළදී ස්ථානාධිපතිවරිය විසින් වැඩිදුරට මෙම දේශනය අවසානයේදී පෙන්වා දෙන ලදී.
පිටිපන ප්‍රදේශයේ වෘත්තීය රූපලාවන්‍ය ශිල්පිණියක් වූ සුභානි මහත්මිය විසින් රැකියාවේ නියුතු කාන්තාවන් වෙනුවෙන් ඉතා ඉක්මනින් කළ හැකි රූපලාවන්‍ය ක්‍රමෝපායන් ගැන ප්‍රායෝගික වැඩසටහනක් ද පවත්වනු ලැබීය.
මීගමුව ,නව විවිධ සේවා සමුපාකාර සමිතිය මගින් පවත්වන ලද මෙම කාන්තා දින සැමරුම් වැඩසටහන එදින පෙරවරු 7.30 සිට පෙරවරු 9.30 දක්වා පුරා හෝරා 02 ක පමණ කාලයක් තුළ පැවැත්වූ අතර මෙම වැඩසටහන සඳහා එම සමිතියේ සේවයේ නියුතු කාර්යාලීය නිලධාරිනියන් ඇතුළු සේවිකාවන් 130 දෙනකු පමණ සහභාගි වූහ.
මීගමුව නව විවිධ සේවා සමුපාකාර සමිතියේ පාලක මණ්ඩලයේ සභාපතිනි චමිලා සමරකෝන් මහත්මියගේ සහ විධායක ශ්‍රේණියේ නිලධාරිනියන්ගේ සංකල්පනාවක් මත මෙම කාන්තා දින සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here