මීගමුව.සාන්ත පීතර විදුහලේ විදුහල්පති නිමල් ලංසා වෙනුවෙන් දේශපාලනයට .!

0
403

royce fb noteසා.පීතර විදුහලේ විදුහල්පති රොයිස් ප්‍රනාන්දු සිය මුහුණු පොතේ ආන්දෝලානාත්මක සටහනක් තබා තිබේ. එනම්  ඇමති නිමල් ලංසා වෙනුවෙන් කටානෙන් මනාපයක් දෙන ලෙස ඉල්ලා සිටිමිනි.
රොයිස් විසින් තබා ඇති සටහනට මේ වන විටත් විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතිතන අතර ජයවීර රාජකාරුණා නම් අයෙකු රොයිස්ගෙන් විමසා ඇත්තේ

මල්ලි ඔයා  මේ කියන්නේ ඇත්තටමද දැයි විමසමිනි.
එයට පිලිතුරු සපයන විදුහල්පති රොයිස් කියා ඇත්තේ ඔව් සර් යැයි කියාය.
පසුව පෙරළා එයට පිලිතුරු ලියමින් ජයවිර රාජකරුනා පවසා ඇත්තේ හරියටම දන්නේ නැ මල්ලි ඒ උනාට එයා ලංකාවට කුඩු ගේනවා කියන එක හුඟක් අය කියනවා නේද යනුවෙනි .
මෙයට අමතරව තවත් ප්‍රතිචාර රැසක් විදුහල්පති රොයිස්ට එරෙහිව දැනටමත් මුහුණ පොතේ සටහන් වෙමින් තිබේ.
මෙවැනි මැදිහත්විමක් රාජ්‍ය සේවකයෙකුට කිසිසේත්ම සිදුකළ නොහැකිය. එපමණක් නොව ප්‍රධාන පෙලේ කිතුණු පාසැලක විදුහල්පතිවරයෙකු ලෙසින් රටේම අවමානයට ලක්ව ඇති දේශපාලකයෙකු වෙනුවෙන් දේශපාලනික මැදිහත්විමක් කිරිම විදුහල්පති සංහතියටම කර ඇති නිගාවකි.
මෙවන් උසස් පාසැලක විදුහල්පතිධුරයක් දැරිමට සුදුසුකම් ප්‍රමාණවත් නැති රොයිස් ප්‍රනාන්දුලා වැනි අයට මේ පත්විම දිමට මැදිහත්වු කතෝලික අධ්‍යාපනය භාරව සිටි ලොක්කන්ද වගකිව යුතුවේ.
මීගමුවේ පාසැල් අධ්‍යාපන පද්ධතිය වලපල්ලට ගොස් ඇත්තේද සුදුසුකම් නැති අයට දේශපාලන පන්දම් හරහා මෙවැනි පත්විම ලබාදිම නිසාය.