මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන්ව බස්නාහිර පළාත් සභා ජන්ද ප්රචාරක වැඩවලින් ඉවත් කර වහා සේවයේ පිහිටුවන ලෙස නියෝගයක් මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කොට තිබේ. මේ සම්බන්ධයෙන් මාර්තු 11 වන අගහරුවාදා ලිපියක් මගින් මීගමුව නාගරික කොමසාරිස්වරයා දැනුම් දී ඇති අතර එහි අවධාරණය කර ඇත්තේ එම්.ඕ.එච්. කාර්්‍ය මණ්ඩලයේ සෞඛ්‍ය නිලධාරීන්ව නැවත සේවයේ පිහිටුවා ඒ බව දැනුම් දෙන ලෙසයි.