මීගමුව හොරුන්ගේ පාරාදිසයක්..?ඇමතිගේ බාර් එකත් කඩලා..??

0
51

imagesමීගමුව දිනෙන් දිනම හොරුන්ගේ ග්‍රහණයට නතුවෙමින් තිබේ.කෝටි ගණනක මංකොල්ලයක් සිදුකළ ස්ථානයට මිටර් 50 ක දුරින් පිහිටි රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුට අයත් රටබීම හලක් 2014 අප්‍රේල් 25 වනදා අළුයම මංකොල්ල කා ඇතැයි වාර්ථා වේ.
මෙහි ඇති දෛවයේ සරදම වන්නේ මීගමුවේ මංකොල්ල කෑම් සදහා වැටබැදිමට පොලිසියේ උසස් නිළධාරින්ද කැදවා පසුගියදා මීගමුව පොලිසියේ රැස්විම සංවිධානය කිරිමට මුල් වු ඇමැතිවරයාගේ රටබීම හල ඉන් සතියකට පමණ පසු මංකොල්ල කෑමට ලක්ව තිබිමයි.
පුෂ්පා රන්ආභරණ සැලට යාබදව මීගමුවේ ඔරලෝසු කණුව ආසන්නයේ ඇති මෙම රටබිම හල කොල්ලකරුවන් පැන ඇත්තේ අද අලුයම 1 ට පමණය.
වාර්ථා වන අන්දමට හිඟන්නෙක් මෙන් වෙස්වලාගෙන මගි පදික තිරුවේ නිදා සිටි පසුව අලුයම නැගිට රටබිම හලේ ඉබ්බා කඩා කොල්ලය සිදු කර ඇත.
ඉදිරිපිට පිහිටා ඇති කඩයක සිටි අය මේ ගැන  119 අමතා දැනුම් දි ඇති අතර  පමාවි හෝ පැමිණ ඇති පොලිසිය පසුව මේ කොල්ලකරුවන් කොටුකරගෙන ඇත.