මීගමුව HQI අධිකරණයට භාර වෙයි.

0
68

P1090937 newකොල්ල කන ලද මුදල් , මැනික් හා රන් ආභරණ තොගයක් මීගමුව පොලිස් ස්ථානයේදී අස්ථාන ගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට අවශ්‍ය සිටි එහෙත් මෙතෙක් අධිකරණය මග හැර සිටි මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අගෝස්තු 29 වැනි සදුදා දින දහවලදී මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට භාර විය. විශ්වාසය කඩ කිරීම සහ සොරකම ඔහුට එරෙහිව නගා තිබූ චෝදනාවන්ය. මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා ඉදිරියේ විවෘත අධිකරණයේදී මෙලෙස භාර වූ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්ශකුලරත්න මහතාගේ උපදෙස් මත ජේ්‍යෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා ඇතුඵ නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ.
එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සැකකාර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙම සිද්ධියේ හුදු රජකාරී කල පුද්ගලයෙකු බවත් ඔහුට ඇප ලබා දිය හැකි තත්වයක ප‍්‍රතිපාදන ඇති බවත් එලෙසම ඔහුගේ රෝගී තත්වය සලකා ඔහුට ඇප ලබා දීමට සලකා බලන ලෙසයි.
එහෙත් මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා විසින් ඔහුට ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කරමින් නියෝග කලේ සැකකාර මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව අගෝස්තු 30 වන දින හදුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව අගෝස්තු 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

[wp_geo_map][wp_geo_map]

තුෂාර රොහාන්