මීගමු අසිරිය චිත්‍රයට නගන තාප්ප පින්තාරුව!

0
214

159-The_West_Coast___Negombo-154590-Main_banner-TWC-Negomboමේ වන විට රටපුරා තරුණ කොටස්වල දායකත්වයෙන් නිමැවෙමින් ඇති තාප්ප පින්තාරුව ගැන විවිධ අදහස් පෙරටු කොටගත් සංවාදයක් මතුව තිබේ.
රණකාමිත්වය,යුධකාමිත්වය සහ ජාතිකත්වය පෙරටු කොට ගත් තාප්ප පින්තාරු පිලිබදව දැනටමත් විවිධ විවේචනයන් මතුව තිබේ.
එහෙත් ⁣මීගමුවේදි ඒ කිසිවක් සිදුනොවන බවට එයට මුල්ව ඇති තරුණ කණ්ඩායම කියා සිටිති.
”කාගෙවත් හිත් රිදෙන නිර්මාණ අපි කරන්නේ නෑ.”
රෝහල අසල තාප්පයේ කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය උපකරණ චිත්‍රයට නගන ඔවුන් වෙරළ තීරයේදි රුවල් ඔරු ඇතුළු දැ පින්තාරු කරති.
එමෙන්ම ග්‍රීන්පාක් හි පිහිටි තාප්පය මේ තරුණයන් හට ලැබෙන්නේ නම් සියළුම ජාතින් අතර සමගිය ගැන කියන චිත්‍ර එහි පින්තාරු කිරිමට නියමිත බව කියති.

ඔවුන් තවදුරටත් අවධාරණය කරසිටින්නේ මීගමු අනන්‍යතාව මතුකරන දැ පමණක් විත්‍රණය කරන බවය.
මෙය සැබැවින්මට රටටද පණිවිඩයකි.
දෙසැම්බර් 08 වෙනිදා පෙරවරු 9ට ඇරඹිමට නියමිත මේ සද්කාර්යය සදහා දැනටමත් විශාල පිරිසක් එක්විමට නියමිතව ඇතිබැව් මිපුර වෙබ් අඩවිය ඇමතු තරුණ නායකයෙකු කියා සිටියේය.
ඔහු තවදුරටත් කියා සිටි⁣යේ මේ කටයුත්ත සදහා තීන්ත ඇතුළු අනෙකුත් දැ දැනටමත් ප්‍රමාණවත් අයුරින් ලැබි ඇති බවය.
මේ අතර මේ කටයුත්තට සම්මාදම් වන කණ්ඩායම්වලට ඇවැසි ආහාර පාන ලබාදිමටද ඇතැම් ආයතනද කැමැත්තෙන් සිටින බව මිපුර වෙබ් අඩවිය අමතා ප්‍රකාශ කොට තිබේ.
හැකි සැම හැම අයුරකින්ම තරුණයන්ගේ මිගමුව අසිරියේ තාප්ප පින්තාරුවට සහය වන ලෙස මිපුර අපිද  ඉල්ලා සිටිමු.