මීගමු උසාවියේ පොලිස් මිතුරා,අනුර අපෙන් සමුඅරගෙන ..

0
150

මීගමු උසාවියේ වසර ගණනාවක් ඉතාමත් නිහතමානි සේවය නියැලුන හොද පොලිස් මිතුරෙක් වුන අනුර අද (09) හවස කටුනායකදි සිදුවෙච්ච හදිසි අනතුරකින් ජිවිතෙන් සමු අරන් ..
පොලිසියේ කෙනෙක් හොදක් ඇහැව්වා නම් ඒ කලාතුරකින් .
එහෙම එකේ පොලිසියේ ඉන්න හොද මිනිහෙක් කියල කව්රු හරි කියනව නම් එහෙනම් ඇත්තටම එයා හොද කෙනෙක් .
අනුර අපට ඊටත් එහා ගියා හොද මිතුරෙක් .
හිත හොද මනුස්සකම් තියෙන පොලිස්කාරයෙක්
අනුර මාධ්‍ය ක්ෂේත්‍රයේ අපි හැමෝ එක්කම ඉතාමත් සුහදව හිටියා .
එහෙම කෙනෙක්ගේ වියෝව ඒ හින්දම හැමෝටම දැනෙනව.
උසාවිය තුල පොලිස් සේවයෙන් විශ්‍රාම ගියත් උසාවි සංකිර්ණය තුලම තවත් රාජකාරියක නියැලුන අනුර කියන් උසාවි ආ ගිය හැමෝටම මතක ප්‍රධාන චරිතයක්.
හොද මිනිස්සු ඉක්මනින් යනවද කියලත් හිතෙන තරමට එහෙම දේවල් දැන් වෙමින් තියෙනවා.
මිට සති 2 කකට කලින් දවසක අනුරව අන්තිමට හම්බවුනේ පිටිපන ලෙල්ලමේදි
ඒ අනුරව දකින්න හම්බවුන අන්තිම දවස කියල කව්ද හිතුවේ..
හිත හොඳ පොලිස් මිතුර ඔබට සුභ ගමන් ..