මීගමු එජාප නායකයන් ලංසා පවුලේ තෝල්කයන්ද ?

0
84

එජාප බලකොටුවක් ලෙසින් පැවැති මිගමුව මේ වන විට නායකත්වයක් නැති ජනතා ප්‍රශ්න ගැන වගේ වගක් නැතිව පිස්සු කෙලින තත්වයකට පත්ව ඇති සෙයකි.

පසුගිය කාලය පුරාම මිගමුවේ එජාප නායකයන් ලංසා පවුලේ දොල පිදේනි වලට වහවැටි බදුගෙවන ජනයා පාවා දෙමින් පලාත් පාලන නීතියටද පටහැනිව යමින් කටයුතු කර තිබුණ ආකාරය ඉතාමත් පැහැදිලිය.

ලංසා පවුල වෙනුවෙන් බිච් පාක් එකේ ටෙන්ඩරය වසර 3කට යලිත් ලබාදිම⁣ට මහසභා තීන්දුව ගන්නා දවසේ මිගමු එජාප සංවිධායක බෙන්ජමින් ඇතුලු 11දෙනෙකු මහසභාව මගහැර තිබුණි.

එපමණක් නොව ලංසා පවුලට එරෙහිව පෙනි සිටින ඇතැම් එජාප සහෝදර මන්ත්‍රීලාට එරෙහිව පවා අපහස කරන ක්‍රියාකාරිත්වයකට මිගමු වත්මන් එජාප නායකත්වය කටයුතු කරමින් සිටිම සැබැවින්ම පිලිකුල් සහගතය.මේ වන විට ලංසා පවුලේ කොන්ත්‍රාත් වෙනුවෙන් එළිපිටම මහසභාව තුල කටයුතු කිරිමට ඇතැමුන් පෙරමුණ ගනිමින් සිටින අයුරු ඉතා පැහැදිලිය.

ලංසා පවුලට විරුද්ධ වන එජාප මන්ත්‍රිලා‌ට එරෙහිව මඩ මෙහෙයුම් ක්‍රියාත්මක වත්මන් එජාප නායකයන් ගැන එක්සත් ජාතික පක්ෂයේ රංග බණ්ඩාරල දැන් සිටින්නේ මරනින්දක බව නම් ඉතා පැහැදිලි යැයි මිපුර අමතතා එජාප මන්ත්‍රිවරයෙකුම කියා සිටියේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here