මීගමුව වෙරළ උද්‍යානය යනු දැන් නොකඩවා වසර 15 කට ආසන්න කාලයක් ඇමති නිමල් ලංසාගෙේ පියා වන පිලේන්ද්‍රන් ලංසා විසින් භුක්ති විදින දේපලක් බවට පත්ව තිබේ.
නගර සභාවේ ටෙන්ඩර් පටිපාටිය අනුව වෙරළ උද්‍යානයේ රථගාල සහ වැසිකිලි පද්ධතිය පමණක් ටෙන්ඩර් කිරිමට නියමිතය.
එහෙත් ඇමති ලංසාගේ පියා විසින් මුළු වෙරළ උද්‍යානයම තමන්ගේ දේපලක් සේ සලකා ලක්ෂ ගණනක මුදලක් ඉන් හම්බ කරගනී.
අයිස්ක්‍රිම් වැන් කාරයාගේ සිට සිප්පි කටු අත්කම් විකුණන වෙළෙන්දා දක්වා සියල්ලෝ ඇමති ලංසාගේ පියාට කප්පම් ගෙවති.
එපමණක් නොව වෙරළ උද්‍යානයේ පැවැත්වෙන සියළු උත්සව සංගිත සංදර්ශණ සියල්ල මගින් ලැබෙන ආදයමට හිමිකම් කියන්නේද ඇමති ලංසාගේ පියාය.
මේ සියලු කප්පම් කෙළි සදහා නීතිමය ආවරණය ලබාදෙනුයේ වෙරළ උද්‍යානයේ වැසිකිලි පද්ධතිය සදහා රථ ගාලේ ටෙන්ඩරය මගිනි.
පසුගිය මැතිවරණ සමයන්හිදි මීගමුවේ එක්සත් ජාතික පක්ෂය බෙරිහන් දුන්නේ මීගමුව නගර සභාවට අයත් සම්පත් මීගමුවේ පතාල කල්ලිවලින් ඉවත්කොට මහජන සේවය සදහා කාර්යක්ෂමව යෙදවිම සදහා ඒවායේ පාලනය මහනගර සභාවේ නිසි කළමණාකරණයකට යටත් කරන බව කියමිනි.
එහෙත් කණගාටුවට කරුණ වන්නේ අඩුම තරමින් කොටුව පිට්ටනිය අසල ඇති පල්ලියට අයිති යැයි කියාගන්නා රථ ගාල මහනගර සභාවට අයත් පාරක පවත්වාගෙන යද්දි එය නවතා ලන්නටවත් මීගමුවේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට නොහැකි විමයි
තතු එසේ තිබියදි මෙවරද මහනගර සභාවේ මුදල් කාරක සභාව තුල මැතිවරණ සමයේදි ජනතාවට දුන් පොරොන්දුවලට පස්ස පැත්ත හරවමින් මහාපාවාදිමක් එය නියෝජනය කරනු ලබන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රින් තිදෙනා විසින් සිදු කර ඇත.
ගිහාන් ප්‍රනාන්දු රවි ජිවානන්ද සහ නස්මියාර් එජාපය නියෝජනය කරනු ලබන මන්ත්‍රින් වෙති.
මෙහිදි ගිහාන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා පසුගිය කාලය යහපාලනය පෙරට ගෙන ඒම සදහා යම් මහන්සියක් දරන ලද අයෙක් ලෙසින් පෙනි ගියද ඔහුද මෙවර සිය අතිජාත ඩීල් මන්ත්‍රිවරුන් දෙනෙනා හා එක්ව ඇමති ලංසාෙග් තාත්තාගේ සිත සතුටු කිරිම සදහා මුදල් කාරක සභාව තුල ක්‍රියාත්මක වි ඇත.
එපමණක් නොව මීගමුව තුල ක්‍රියාත්මක පොලවල් බදු දිමේදි ද මේ මන්ත්‍රිවරුන් හට යහපාලනය පෙරට ගෙනඒමට හෝ අවම තරමින් ඒ සදහා අවම උත්සාහයක් ගැනිමට නොහැකි වි ඇත.
එබැවින් ඩීල් දැමිම ඇතුළු සකලාකාර බිස්නස් වැඩ සදහා පමණක් සිය මන්ත්‍රිධුරය යොදවන වීනිසිසස්ලාට යළිත් ලොකුගණන්වලට පොල ඇන්ටනි අතට ටෙන්ඩරය ලබාදිම සදහා පාර කපා දෙන්නට එජාප මන්ත්‍රිලා හිතහදාගෙන හමාරද?.