
ම්ගමුවේ කරවල නිෂ්පාදකයන් මීගමුව භාරව සිටින නියොජ්‍ය ඇමති සුගත් තිලකරන්න සමගින් තමන්ගේ ලුණු ප්‍රශ්ණය පිළිබදව සාකච්ජා කර තිබුනේ මාර්තු 26 වනදාය.
මේ අයගේ සියලු ප්‍රශ්ණ සාකච්ජා කිරිමෙන් අනතුරුව ඇමතිවරයා දින 10 ක කාලයක් ඉල්ලා තිබුනේ ලුණු ප්‍රශ්ණයට විසදුමක් ලබා දිම සදහාය
කරවල නිෂ්පාදකයන් කියන අන්දමට නියොජ්‍ය ඇමති සුගත් ඒ සදහා අවශ්‍ය පියවර කඩිනමින් ගෙන තිබුනි. කරවල නිෂ්පාදකයන්ට අවැසි ලුණු ආනයනය කිරිම සදහා ආනයනකරුවකු සමගින් ලුණු ගෙන්විමටද කරවල ව්‍යාපාරිකියා කටයුතු කර තිබුනහ.
මෙසේ ගෙන්වු ලුණු තොග තවමත් වරායේ ගබඩාවලය.සාකච්ජාවන් පසු දැන් සති තුනකටත් වැඩි කාලයක් ගතවි තිබේ.
ප්‍රමිතිගත ලුණු කරවල නිෂාපදකයන්ට නොලැබිම නිසාම මේ වන විටත් ලක්ෂ ගණනක් පාඩු විදිමට මේ අයට සිදුව ඇතැයි ඔවුන් කියා සිටිති.