සුදු කොක්කු, කළු දියකාවො මීගමුව , පිටිපන මාළු ලෙල්ලම අසල කලපුවට එන්නෙ තමන්ගෙ ආහාර වේල හොයා ගන්න . ඉතින් එහෙම ඇවිල්ල කව්රු කව්රුත් විසිකරන මාළු කූරියව එකවිටම ගිල දාන්නෙ හත් වේලක් බඩගින්නෙ හිටිය වගේ.
එහෙම කොයිතරම් ගිල දැම්මත් , ඒකෙ ඉවරයකුත් නෑ. නමුත් කට්ටිය සමූහයක් ලෙස මේ කටයුත්තට සම්බන්ධ වන අවස්ථාව දර්ශනීය එකක් වගේම සාමාන්‍ය එකක්.මේ සාමාන්‍ය දසුන වෙනස් කරන කෙනෙක් අද අපි දැක්ක.
එයාගෙ ශරීරය අනෙක් අයට වඩා විශාලයි . දැල් බේරන කට්ටිය විසිකරන මාළු එකවිටම එයාගෙ දිග හොටෙන් අරගෙන ටිකක් ඈතට ගිහිල්ල ගිල දානව. ඒ අතර වටයක් ගිහිල්ල නැවත මාළුවෙක් ගන්න දැල් බේරන අය ආසන්නයට එනව.ධීවර කට්ටිය එක්ක මේ යහළුවගෙ පැමිණීම ගැන කතාකළා.
” මෙයා කොහෙන්ද ආවෙ? මුතුරාජවෙල ඉඳලද? ගුරුගේ ගෙනත් දාලද?
මේ ආදී ප්‍රශ්ණ කිහිපයක් මතුවුනත් කව්රුත් දන්නෙ නෑ ආවෙ කොහෙන්ද කියල.
හැබැයි කොහෙන් ආවත් මෙයා අපේ අමුත්තෙක්. ඒ නිසා එයාව රැකගැනීම හැමෝගෙම වගකීම. අපි කතා බහ කරන අතර තුර එයා නිදහසේ වටයක් යනව. අනෙක් සුදු කොක්කු , කළු දියකාවො සමග මේ අමුත්ත කිසි ආරවුලක් නැතිව නිදහසේ කලපුවේ ගතකරනව. ඒක අපූරු දසුනක් . කාටත් ආදර්ශයක්
සැම්සන් ඥානසිරි