කලපුව රැකගැනීමේ සටනට කලපුඔරු ධීවරයාද එක්වෙයි.

0
51

DSC_0870මීගමු  කලපුව  ගැන  ධීවර  ජනතාව  අතර  පමණක්  නොව    විවිධ  තරාතිරමේ  සමාජ  කණ්ඩායම්  සහ  පුද්ගලයින්  අතරද   විවිධ  ආකාරයේ  කථාබහ  සිදුවෙමින්  පවතී.  මේ  අතර  රජය  විසින්  මීගමු  කලපුව  සංවර්ධනය  සඳහා  යැයි  පවසමින්  එය  හාරා  විශාල  පස්කඳු  ගොඩ ගසමින්  සිටියි.   මේ  කටයුතු  රජය  විසින්   සිදුකරන  නිසා  ඒ  දෙස  බලාසිටිනවා  හැරෙන්නට  ධීවර  ජනතාවට  වෙනත්  කළයුතු දෙයක්  නැත. එසේම    එකතුවන  විශාල  අපද්‍රව්‍ය  ප්‍රමාණය  නිසා   මේ  වනවිට  කලපුව  තුළ  සිදුවන  පාරිසරික  හානිය   සියළු  දෙනාටම  දැනෙමින්  පවතින  බව   තැනින් තැන  මතුවන   විවිධ  ක්‍රියාකාරකම්  තුළින්  පැහැදිළි වේ.ධීවර  ජනතාව  විසින්  තමන්  සාමාජිකත්වය  දරන  සමීති  තුළ  හිඳිමින්  මේ  ගැන  අදහස්  ඉදිරිපත්  කරති. අදාල  බලධාරීන්ට  මේ  පිළිබඳව  කරුණු  දක්වා  සිටිති.   නමුත්  මෙම  තත්වය  පිළිබඳව  නිසි  ප්‍රතිකර්ම  යෙදීමට  ඔවුන්  අසමත්වී  ඇතිබව  ධීවර  ජනතාවගේ  අදහසයි.

පසුගිය  දිනවල   සුළුපන්න  ධීවරයින්  වන  තෙප්පම්  සහ  කට්ටුදැල්  ධීවර  සමීති  තුළ  කලපුවට  අපද්‍රව්‍ය  දමා  කරන  හානිය  ගැන  සාකච්ඡා  කළ  අතර   මේ  ගැන   මතක්  කරමින්  ධීවර  කාර්්‍යාලයේ  නිලධාරීන්  දැනුවත් කරමින්  යම්  ක්‍රියාමාර්ගයකට  අවතීර්ණ වී  තිබින.  නමුත්  ඒ  සම්බන්ධව  ධීවර  නිලධාරීන්ගේ  මැදිහත්වීම  ගැන  සෑහීමකට  පත්විය  නොහැක.

අනෙකුත්  ධීවර  සමීති  තුළ  මෙන්ම  තලපු   ඔරු ධීවර  සමීත්යේද   මේ  ගැන  යම්  සාකච්ඡාවක්  සිදුවී  ඇති  නමුත්  කිසිදු  ක්‍රියාමාර්ගයකට   යොමුවී  නොතිබින. මේ  නිසා මේ  ගැන   වැදගත්  සාකච්ඡවක්   6   බදාදා   දින පැවැත්වූ  සමීති  රැස්වීමේදී  සිදුවිය.  ඔවුන්  ප්‍රකාශ  කරන්නේ  සිරිකුරුස  පාලම  අසලට  කුණු  මළුවල  දමා  ගෙනැවිත්  අතහරින  බවත්,  කලපුව  වටේම  අපද්‍රව්‍ය  දැමීමේදී  මුල්වන්නේ  තමන්ගේම  අය  බවත්ය.    විශේෂයෙන්   කරවල  වාඩිවලින්  කලපුවට   මුදාහරින  විශාල ලුණු  ප්‍රමාණය  නිසා  කරදිය  මට්ටම  වැඩිවී  ඇති  බවටද  ඔවුන්  කරුණු  දක්වන  ලදී. එබැවින්  මේ  පිළිබඳව  සියළු දෙනාවම  දැනුවත්  කළයුතුබවත්,  මේ  සඳහා  පෙත්සමක්  අත්සන් කිරීමට  සහ   අදාල  බලධාරීන්  මුණගැසීමටත්  තීරණය  කරගන්නා ලදී.  එසේම  මේ  සඳහා  වන  සටනේදී   අනෙකුත්  ධීවර  කෙටස්  සමඟ  එකතුවී   කටයුතු  කිරීමටත්  අදහස්  ඉදිරිපත්විය.