පසුගිය දිනවල සුළුපන්න ධීවරයින් වන තෙප්පම් සහ කට්ටුදැල් ධීවර සමීති තුළ කලපුවට අපද්‍රව්‍ය දමා කරන හානිය ගැන සාකච්ඡා කළ අතර මේ ගැන මතක් කරමින් ධීවර කාර්්‍යාලයේ නිලධාරීන් දැනුවත් කරමින් යම් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබින. නමුත් ඒ සම්බන්ධව ධීවර නිලධාරීන්ගේ මැදිහත්වීම ගැන සෑහීමකට පත්විය නොහැක.
අනෙකුත් ධීවර සමීති තුළ මෙන්ම තලපු ඔරු ධීවර සමීත්යේද මේ ගැන යම් සාකච්ඡාවක් සිදුවී ඇති නමුත් කිසිදු ක්‍රියාමාර්ගයකට යොමුවී නොතිබින. මේ නිසා මේ ගැන වැදගත් සාකච්ඡවක් 6 බදාදා දින පැවැත්වූ සමීති රැස්වීමේදී සිදුවිය. ඔවුන් ප්‍රකාශ කරන්නේ සිරිකුරුස පාලම අසලට කුණු මළුවල දමා ගෙනැවිත් අතහරින බවත්, කලපුව වටේම අපද්‍රව්‍ය දැමීමේදී මුල්වන්නේ තමන්ගේම අය බවත්ය. විශේෂයෙන් කරවල වාඩිවලින් කලපුවට මුදාහරින විශාල ලුණු ප්‍රමාණය නිසා කරදිය මට්ටම වැඩිවී ඇති බවටද ඔවුන් කරුණු දක්වන ලදී. එබැවින් මේ පිළිබඳව සියළු දෙනාවම දැනුවත් කළයුතුබවත්, මේ සඳහා පෙත්සමක් අත්සන් කිරීමට සහ අදාල බලධාරීන් මුණගැසීමටත් තීරණය කරගන්නා ලදී. එසේම මේ සඳහා වන සටනේදී අනෙකුත් ධීවර කෙටස් සමඟ එකතුවී කටයුතු කිරීමටත් අදහස් ඉදිරිපත්විය.