බස්නාහිර පළාත් ක්රීඩා උළෙල ඊයේ (ජුලි 01) වන දින අති සාර්ථක ලෙස නිමාවට පත්විය. එහිදී සමස්ථ බාලිකා ශූරතාවය දිනා ගැනීමට මීගමුවේ ආවේ මරියා විදුහල් කණ්ඩායමට හිමි වූ අතර බාලිකා අනු ශූරතාවය දිනා ගැනීමට මීගමුව නිවුස්ටෙඩ් බාලිකාවියන් සමත් විය. එලෙසම බාලක අංශයේ ශුරතාවය හිමි වුයේ මීගමුව මාරිස්ටෙල්ලා කණ්ඩායමටයි. මේ අනුව බස්නාහිර පළාත් ක්රීඩා උළෙලේදී කැපී පෙනෙන විශිෂ්ඨ දස්කම් දැක්වීමට මීගමු කලාපයේ ක්රීඩක ක්රීඩිකවන් සමත් විය.
ඡායාරූප හා සටහන – ජානක මනෝහර පෙරේරා