මීගමු කොළඹ ප්‍රධාන මාර්ගයේ වලවල් වැසිම ”අද” නොවේ ”හෙට” ?

0
75

මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ සම්පත් බැංකුව අසල සහ ලාෆ් සුපිර් මාර්කට් ආසන්නයේ ඇතුළු  ප්‍රධාන  මාර්ගයේ තවත් ස්ථාන කිහිපයක වර්ෂාවට පෙර සහ වර්ෂාවට පසු වල්වල් සැදී ඇති ආකාරය ‘අප “මීපුර ” ප්‍රවෘත්ති වෙබ් අඩවිය මගින් වතා කීහිපයකදීම පෙන්වා දුන්නෙමු..

    පසුගියදා ඇති වූ වර්ෂාවට පසු සහ වර්ෂාවට කලින් සිටම මීගමුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය් ⁣ස්ථාන කිහිපයකම මේ ආකාරයෙන් තාර සහ ගල් ගැලවී විශාල වලවල් සෑදී ඇති ආකාරය දැක ගන්නට ලැබුණි.  විශේෂයෙන්ම මීගමුවේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථාන ආසන්නයේම ඇති පුධාන මාර්ගය සමීපයේම මෙලෙස වලවල් සෑදී ඇති ආකාරය දැකගැනීමට හැකි විය. එය එම ව්‍යාපාරික ස්ථානවලට පැමිණෙන ගනුදෙනුකරුවන්ටත් එම මාර්ගය හරහා යනෙන යතුරුපැදි ඇතුළු වෙනත් රථ වාහන පදවන අයටත් විශාල අපහසුතා සහ  දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇතිබව අප වෙබ් අඩවිය තුළින් වැඩිදුරටත් පෙන්වා දුන්නෙමු.

              මේ සම්බන්ධයෙන් මීට මසකට පමණ පෙර කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය භාරව සිටින මාර්ග සංවර්ධන අධිකාරියේ මීගමුව කාර්යාලයෙන් විමසන ලදුව එම මාර්ගය භාරව කටයුතු කරන එම කාර්යාලයේ තාක්ෂණ නිලධාරීවරිය එහිදී පවසා සිටියේ වර්ෂාව නිම වී දින දෙක තුනක් පමණ කාලයක් ඉක්ම ගිය පසු මෙම වලවල් පිරවීමට සූදානම්ව සිටින බවයි. එහිදී ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නේ  වැසි සහිත තත්ත්වයකදී මේ සෑද ඇති වලවල්  වලට ගල් සහ තාර මිශ්‍රිත මිශ්‍රණය දමා පිරවීමෙන් පලක් නොවන බවයි. ඒ නිසා  ඒ මාර්ගයේ සෑදී ඇති වලවල් වල තෙතමනය අවම වූ පසු එම වලවල් පිරවීමට කටයුතු කරන බවද ඇය එහිදී වැඩිදුරටත් අවධාරණය කලාය

           එහෙත් මසක පමණ කාලයක් මේ වන විට ඉක්ම ගොස් තිබේ. එහෙත් ප්‍රධාන මාර්ගයේ වලවල් තවමත් එසේමය. මාර්ග සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරිනිය පැවසූ ලෙස තවමත් එම වලවල් පිළිසකර කර නොමැත.මේ තත්ත්වය නිසා කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන යතුරුපැදි ඇතුළු අනෙකුත් රථවාහන පදවන අයට තවමත් විවිධ අපහසුතාවන්ට ලක් වෙමින් අවදානම්කාරී ලෙස තම යතුරුපැදි ඇතුළු රථ වාහන ධාවනය කරන්නට සිදුව තිබේ

  පසුගිය වැසි කාලයේ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ සැදී ඇති මෙම වළවල්  වලට වැසි ජලය පිරීමෙන් රාත්‍රී කාලයේ මෙම ප්‍රධාන මාර්ගයෙන් ගමන් කරන වාහනවලට අවදානම් සහිතව සිය රථවාහන ධාවනය කරන්නට සිදුවුණි. විශේෂයෙන්ම යතුරුපැදි සහ පාපැදී පදවන්නන්ට මෙවැනි වලවල් ප්‍රධාන මාර්ගයේ තිබීම ඉතා අනතුරුදායක වු ආකාරයට පසුගියදා දැක ගත හැකි විය. පසුගිය වැසි කාලයේ එක් දිනෙක ලාෆ් සුපර් මාර්කට් අසල රාත්‍රී කාලයේ වැසි ජලය පිරී තිබූ  වලක වැටීමෙන් යතුරුපැදිකරුවෙක් හදිසි අනතුරකට ලක්වූ අවස්ථාවක් ද වාර්තා විය.

        අප මේ සම්බන්ධයෙන් මීගමුව මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ කොළඹ මීගමුව මාර්ගයේ නඩත්තු කටයුතු භාරව ක්‍රියාකරන තාක්ෂණය නිලණීයගෙන් නැවතත් විමසා සිටියෙමු. එහිදී ඇය පැවසුවේ මේ වන විට කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ වලවල් සෑදී ඇති ස්ථාන පිලිසකර කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි. ඒ අනුව ඉතා ඉක්මනින්ම කොළඹ මීගමුව මාර්ගයේ සෑදී ඇති වලවල් සියල්ලම ඉක්මනින්ම පිලිසකර කිරීමට හැකිවනු ඇතැයි ඇය වැඩිදුරටත් පැවසීය.

අප මේ සම්බන්ධයෙන් මාස කිහිපයකට පෙරාතුව සිටම මීගමුව මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසා සිටි සෑම අවස්ථාවකදීම ඔවුන් ප්‍රකාශ කළේ ඉතා ඉක්මනින්ම මෙම මාර්ගයේ සෑදී ඇති වළවල් සියල්ලම තා ඉක්මනින්ම යළි පිළිසකර කරන බවයි. කතාවෙන් එසේ වුවද ක්‍රියාවෙන් එසේ නොවන බව නැවත නැවතත් තහවුරුවෙමින් පවතී.