මීගමු ග්‍රාමනිළධාරි වසම්වල කඩ 2 ක් අරින්න අවසර දීලා ?

0
177

ඊයේ (21) රාත්‍රී 11.00න් පසු සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ගනු ලැබු තීරණ කිහිපයක් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

මේ අනුව සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ ඔසුසැල් විවෘතව තිබෙන අතර අවශ්‍යතාව අනුව ආසන්නතම ඔසුසැල හෝ රෝහල වෙත ගමන් කළ හැකිය.

බේකරි විවෘතව තැබෙන අතර ජංගම රථ මඟින් බේකරි නිෂ්පාදන බෙදාහැරීමට අවසර හිමිවේ.

මේ අතර 24 සහ 25 දිනවල දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව ඇත. එසේම එළවළු, පලතුරු ආදීය ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට සහ රැගෙන යාමට පැමිණෙන පිරිස් වෙත බලපත්‍රයක් අවශ්‍ය නොවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

තවද ජංගම රථ මඟින් භාණ්ඩ, එළවළු, පලතුරු ආදිය අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීම අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ අතර මිගමුවේ සෑම ග්‍රාම නිළධාරි වසමකට තෝරාගත් කඩ 2 කක් විවෘත කිරිම සදහා අවසර දි ඇතැයි වාර්තාවේ . මේ සම්බන්ධයෙන් අප මිගමුව ප්‍රාදේශිය ලේකම්වරියගෙන කළ විමසුමකදි ඇය කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්ක කාර්යාලය විසින් එය දැනුම් දි ඇති බවත් ඒ අනුව ක්‍රියාත්මක වු බවත්ය.

එහෙත් ග්‍රාම නිළධාරින් පවසා සිටින්නේ කඩවල් විවෘත කිරිමට එසේ අවසර ලබා දුන්නද දැඩි සංවරණ නීති ක්‍රියාත්මක කරන බවට රජය කියා සිටිද්දි මේසේ විවෘතව තබන කඩවලට ජනයාට නිදහසේ යාම් ඊම් කිරිමට අවසර ලබා දි ඇත්තේ කව්රුන්ද යන්නයි.

මේ අතර මෙරට ප්‍රධානතම වෛද්‍ය සංගම් 4 ක් මේ වන විටත් නිරන්තරයෙන් අවධාරණය කර ඇත්තේ දින 14 ක් එක දිගට රට වසා දැමිය යුතු බවය.
එහෙත් හමුදාපතිවරයා කියා සිටින්නේ එසේ රට වසා දැමිමට කටයුතු නොකරන බවය.