මීගමු ජනතාවටත් ආණ්ඩුව ගෑස් පෙන්නයි….

0
131
IMG 20220106 WA0108

අද (06) මීගමුව , පරණ හලාවත පාරේ , කම්කරු කාර්යාලය අසල ගෑස් කඩයක් ඉදිරිපිට දිගු පෝලිමකි. ගෑස් පිළිබඳ ලැබෙන ආරංචිය කොතරම් ප්‍රබලද කිවහොත් ගෑස් පටවා ගත් වාහනයක් පැමිණි මොහොතේදීම එකී ආරංචිය ක්ෂනිකව පැතිර යන ආකාරය එම පෝලිම අනුව පැහැදිළිවේ.
නමුත් එම පෝලිමේ ඉතා සුළු පිරිසකට පමණක් තම අවශ්‍යතාවය ඉටුවන බවත්, අනෙක් අයට පෝලිමේ සිටියද හිස් අතින් ආපසු යාමට සිදුවන බවත් පැහැදිළිය. මෙම තත්ත්වය අනුව පැහැදිළි වන්නේ මේ පිළිබඳ වගකිවයුත්තන් අසරණවූ ජනතාවට කොකා පෙන්නන බවයි. පසුගිය දිනවල ගෑස් ටැංකි රැගෙන ත්‍රිවිල් , යතුරු පැදි, පාපැදි වළින් යමින් පාරවල්වල රස්තියාදුවූ මිනිස්සු කොතරම් දුරට මෙම වංචාවේ ගොදුරක් බවට පත්ව ඇත්දැයි පෙනේ.
තැනින් තැන ගෑස් පුපුරා ගොස් බරපතල හානි සිදුවන නමුත් තම ජීවිතය පරදුවට තබා මේ අරගලයක යෙදී සිටින්නේ තමන්ගේ එදිනෙදා වේල සකසා ගැනීමේ ගැටළුව විසඳා ගැනීමේ අවශ්‍යතාවය සඳහාය.
මේ අනුව පැහැදිළි වන්නේ පාලකයෝ ජනතාවගේ ගෙල ටිකෙන් ටික මිරිකා ඔවුන් හපයක් බවට පත් කරන තත්ත්වයක් නිර්මාණය වන බවයි. රටේ මුදල් ප්‍රශ්ණයක් පවතින බවත්, ඒනිසා පිරිමහගෙන කටයුතු කලයුතු බවත් ඔවුන් අපට පවසති . නමුත් පාර්ලිමේන්තුව තුළ සහ රජයේ ඉහළ ස්ථරය අති සුඛෝපභෝගී ජීවිත ගත කරති.
මේ රටේ වැඩකරන ජනතාවට එදාවේල පිරිමහ ගැනීමටවත් ඉඩ කඩක් නැතිව තිබියදී මේ වැදිබණ කියන්නේ කාටදැයි ? අප ප්‍රශ්ණ කරන්නෙමු. එබැවින් ඉදිරියේදී තැනින් තැන පුපුරා යන ගෑස් ටැංකි වලට වඩා ප්‍රබල ලෙස ජනතාවගේ ආවේගයන්ගේ පුපුරා යාම මීට වඩා බරපතළ වියහැකි යැයි අපි ආණ්ඩුවට අනතුරු අඟවමු.

IMG 20220106 174412 01

සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here