මීගමු ටවුමෙත් හැමතැනම තියෙන්නේ මැෂින් ටී විතරයිද ?

0
62

( 3.00 pm )  කඩේකින් තේ එකක් බොන එක සැහෙන කාලයක් තිස්සේ පාලනය වෙලා තිබුනේ ඒ කාලෙ නම් කොරෝනා කේස් හින්ද ? ඒ තරමට රට බයවෙලා බයකරලනේ තිබුනේ. අනික කඩේක ඉදගෙන කන්නවත් බැ කියල සිමාත් දාල තිබුනනේ .

ඒ හින්ද ඒ කාලේ කොහොමටත් කඩ කැම විතරක් නෙමේ ටි බොන ඒකත් නිකම් නැවතිලා තිබුනේ .ඒත් දැන් එහෙම නෑ .මිනිස්සු දැන් ඒ වසංගතෙන් නිදහස් .

ඒත් පහුගිය දවසක අතින් හදන කිරි තේ එකක් බොන්නම ඔ්න කියල මිගමුවේ තැනක් ගැන මතක් කළත් පස්සේ හිතුනේ දැන් ගොඩක් තැන්වල තියෙන්නේ මැෂින් ටී කියලයි.
හැබැයි සයිවර් කඩවල නම් තාම අතින් හදල කිරි තේ දෙනව ඇතැයි කියල එහෙම තැන් වලට ගියාමත් ඒව ගොඩකටත් දැන් මැෂින් ටී ලෙඩේ බෝවෙලා
.
මාර වැඩේ මීගමුවට වුනේ .

දැන් සයිවර් කඩවලත් අතින් හදන කිරි තේ නෑලු. වෙනදා කරාබු නැටි එහෙමත් දාල මසාල ටී හදපු එයාල ලගත් දැන් තියෙන්නේ මැෂින් ‌ටී.

හැබැයි මීගමුවේ තැන් කිපයක පොඩි කඩ, ඒ වගේම අපි කියන පෙට්ටි කඩ වල නම් හරිම රහට දාන ටින්කිරි ටී තියෙනවා.
ඇල පාරේ හැන්දැවට විතරක් අරින් පෙට්ටි කඩයක් තියෙනව මරු ටී එක. එළවලු මස් රොට් රෝල්ස් එහෙමත් තියෙනව .

වැඩේ කියන්නේ මේ මැෂින් ටි වලත් කිසි ප්‍රමිතියක් නෑ. මැෂින් ටි එකක් හදන කොට ඒකට වැටෙන්න ඕන් කරන නෙස්කැෆේ හරි නෙස්ටී හරි ග්‍රෑම් ගානක් තියෙනව. නමුත් ගොඩක් තැන්වල එහෙම දැමෙන්නේ නැ. ඒ හින්දම ඒව රහත් නෑ.

මේ නත්තල් කාලේ ටවුමේ ඇවිදල ටී එකක් බොන්න තැනක් හොයන හරි හරි ආමාරුවක තමයි වැටිල ඇත්තේ ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here