මීගමු දේශපාලන අධිකාරියේද අනුග්‍රහයෙන් ඇරඹුණු රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු අත්අඩංගුවට ?

0
289

IMG-20200815-WA0002carokeපසුගිය මැතිවරණ සමය තුල ලංසා පවුලේද සහය ඇතිව පළඟතුරේ ඇරඹුණ කැරෝකේ රාත්‍රි සමාජ ශාලාවකට එරෙහිව ප්‍රදේශවාසින් විසින් ඊයේ දියත් කර තිබුණ විරෝධතාවයක් හේතුවෙන් රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු ඇතුලු කාන්තාවන් පිරිසක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම රාත්‍රි සමාජ ශාලාවට පළඟතුර පල්ලියේ පියතුමන්ලාගේද දැඩි විරෝධයක් පැවැති බව ප්‍රදේශවාසිහු පවසා සිටිති.
ප්‍රනාන්දුපුල්ලේ යන නමක් ගෑවුණු අයෙකු විසින් මිගමුවේ දේශපාලන අධිකාරියේ මෙන්ම අදාල පරිපාලන අධිකාරියේද සහය මේ රාත්‍රි සමාජ ශාලාවේ  හිමිකරුට ලබාදි තිබුණ බවද ප්‍රදේශවාසිහු පවසා සිටිති.
ඒ අනුව මෙම සමාජ ශාලාව මෙම ස්ථානයේ ඇරඹිම සදහා මැතිවරණ සමයේදි ග්‍රාමිය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් පිළිබද රාජ්‍ය ඇමැති නිමල් ලංසාගේ මෙන්ම  අදාල බළධාරින්ගේද සහය ලැබුනු බවත්  නගරාධිපති දයාන් ලංසා පැමිණ මෙම රාත්‍රි සමාජ ශාලාව විවෘත කරන ලද බවත්  ප්‍රදේශවාසිහු කියති.
මැතිවරණ සමයේ පුංචි රෝමය රම්‍ය නගරයක් කිරිමට යැයි ජනතාවට එක් පැත්තකින් පොරොන්දු දිගෙන යමින් සිටින අතරේම කොළඹ පදිංචි අයෙකුට අවැසි පහසුකම් ලබාදෙමින් රාත්‍රි සමාජ ශාලාවක් ප්‍රචලිත කිරිම සදහා ලංසා පවුල කටයුතු කර ඇතැයි මේ වනවිටත්  බරපතල චෝදනාවක් මේ අනුව එල්ල වි තිබේ.
වාර්ථා වන අන්දමට මෙකි රාත්‍රි සමාජ ශාලාවට අවැසි නිතිමය ලියවිල පවා නොතිබු බවද කියැවේ.
මේ අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් පොලිසිය දේශපාලන බලපැම් වලට යටත්ව නීතිය නමන්නේද යන්න ගැන ප්‍රදේශවාසින් අවදියෙන් බවද කියති.IMG-20200815-WA0004IMG-20200815-WA0006

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here