මීගමු නගරයේ සංවර්ධනය සඳහා ඔබේ පක්ෂයේ ප්‍රතිපත්ති මොනවාද?

0
446

????????????????????????????????????

මෙවර  පළාත් පාලන  මැතිවරණය  සදහා  ඉදිරිපත්වන  පක්ෂ විසින්   නගරයේ  සංවර්ධන  සැලසුම්  පිළිබදව  යම්කිසි  ඉදිරි  දැක්මක්  සහිතව  ක්‍රියාත්මක  වනු  ඇතැයි  යන  උපකල්පනය  මත   නගරයේ  කැපීපෙනෙන  ප්‍රශ්ණ  කිහිපයක්   පදනම් කර ගනිමින්,  සංවාදයක,  සාකච්ඡාවක   යෙදෙන්නට  මීපුර  අපි  අදහස් කළෙමු. මේ සදහා   ප්‍රථමයෙන්  ඒඒ  ප්‍රශ්ණවලට  ඔවුන්ගේ  විසඳුම්  නැවත  උපුටා  දැක්වීමෙන්  ඉහතකී  කාරණයට  පහසුවක්  වනබව  අප   විශ්වාස  කරමු.

ප්‍රථමයෙන්   ජනතාව  පීඩාවට  පත්වන   ප්‍රධාන  ප්‍රශ්ණයක් වු  කානු  සහ  ඇලවල්   පිළිබදව  අවධානය  යොමු කිරීමට අපි අදහස් කරගෙන සිටින    අතර  වැසි  කාලයේදී   මේ  ප්‍රශ්ණය  තදබල ලෙස බලපාන  බව  අපි කව්රුත්  දන්නා  කරුනකි. මේ පිළිබදව   ලිපි  රාශියක්   මීපුර   වෙබ් අඩවියේ  පලකර  ඇත.  නගරයේ  කානුපද්ධතිය   දිගු  කලකින්   පිරිසිදු  කර නොමැති  අතර  කැලිකසල  හිරවී  ගදගසනබව  ව්‍යාපාරිකයින්   නිතර  මැසිවිලි  නගති.  වෙනත්  ප්‍රදේශවලද  කානු  සහ  ඇලවල්   කොන්ක්‍රීට්  දමා  වසාදමා   පුද්ගලික  අවශ්‍යතා  සදහා   යොදාගෙන  ඇත.  කසළ  සහවිවිධ  අපද්‍රව්‍ය   බැහැර  කරන්නේ   ඇලවල්  සහ  කානු වලටය.   එමෙන්ම  තාප්ප  ,  ගොඩනැගිලි  ආදිය  මගින්   ඇලවල්  සහ  කානු  හරස් කොට ඇත.  මෙසේ  විනාශ   කරඇති  කානුපද්ධතිය   නැවත  සැකසීමට  ගන්නා  පියවර   පක්ෂවල  ප්‍රතිපත්ති   තුළින්   ජනතාවගේ   දැනගැනීම   සදහා  අපි  ඉදිරිපත්  කරන්නෙමු.

එ.  ජා. ප. ය

3  මීගමුවේ වැසිජල කලමනාකරණය  අගනාලෙස  ස්වභාවිකවසිදුකල  වතුකානු  සියල්ල  අදවනවිට  විනාශකර  අවසානය.  එබැවින්  විද්‍යාත්මක  පදනම්මත  වැසිජලය  බැසයාම  සදහා  නවීන  ජලාප්‍රවාහන  පද්ධතියක්   ඇතිකිරීම  හා  අවශ්‍යතා  හදුනාගෙන  නූතන  තාක්ෂණය  උපයෝගී කරගත්  කානුපද්ධතියක්  නිර්මාණය කිරීම.

13  මීගමුව මුහුදු  මට්ටමට  පහත  නගරයක්  බැවින්  නගර  මධ්‍යයේ  ඇති  කානු  නඩත්තුකර  ප්‍රතිසංස්කරණයකර   වඩදිය  හා වැසිසමයේ  කලපු ජලය  නගරයට  ඒමවලක්වන  පාලන  බැම්මක්  සමග  වැඩිධාරිතාවයකින් යුතු   පොම්පාගාර   ඉදිකර  වැසිජලය  ඉක්මනින්  බැස යාමට  සැලැස්වීම.

2  මධ්‍යම  රජයේ  ආධාරමත  ජලසම්පත්  මංඩලයේ  හා  ජාත්‍යන්තර  සහනාධාර  මත මුහුදු  මට්ටමින්  පහත මට්ටමක  පිහිටි  මීගමුව  නගරය  තුළ  පදිංචි කරුවන්ගේ  වැසිකිළි  උතුරායාම  වැලැක්වීම  සදහා  අපද්‍රව්‍ය  බැහැරකරන  මළ  ප්‍රවාහන  පද්ධතියක්  ස්ථාපිත කිරීම.

පොදු ජන පෙරමුන

ප්‍රතිපත්ති  ප්‍රකාශනයක්   නැති   නමුත්  ප්‍රධාන   කරුණු   2ක්  යටතේ   වැඩපිළිවෙලක්   අපගේ  තේමාවට  අදාලව   සකසන බව  හිටපු  නගරාධිපති  ජයවීර    මහතා    පැහැදිළි  කරන  අතර  එය  ඔහුගේ   පුද්ගලික   අදහසක්  බව ද  සදහන්  කරයි.

*මීගමු  නගරයේ   ප්‍රධාන  ප්‍රශ්ණයක්  වන  අපිරිසිදු    ජලය   සහ  මළ   ප්‍රවාහනය   සදහා  වැඩ පිළිවෙලක්   සැකසීම .

*කසල  බැහැර  කිරීම  සදහා  ක්‍රමවත්  වැඩපිළිවෙලක්  සකසන  අතර  ඒ සදහා  ඉඩමක්  පවරාගතයුතුබව .

ජ. වි. පෙ.

*ප්‍රතිපත්ති  ප්‍රකාශණයක්   ඉදිරිපත්කර  නැති  නමුත්  එහි  කණ්ඩායම්  නායක  ගාමිණී  ප්‍රනාන්දු  මහතා  ප්‍රකාශ  කළේ   මීගමු  නගරයේ   මුහුද  සහ  කලපුව   පවතින  ස්වභාවය  අනුව   විශේෂ  තත්වයක්   හෙයින්  ඒමත  පදනම්ව  අවිධිමත්ව  පවතින  කානු  පද්ධතිය   විධිමත්ව  සැකසීම    ප්‍රධාන   අරමුණීක්  වන බවයි.

ශ්‍රි . ල . නි . ප. ය

*නගරයට  කානු  පද්ධතිය  හරහා  එන  අපිරිසිදු  ජලය  කැල්ටන්  එක  පිටුපස  ඇති  උප්පලම  වත්ත  නම්වු  ස්ථානයෙන්  පිරිසිදු  කිරීමේ  වැඩපිළිවෙලක්  සැකසීම.

*මේ  වන  විට  විවිධ  හේතු  මත  සහ විවිධ  අයුරින්  වසාදමාඇති  කානු  සහ ඇලවල්  ගැන  සොයා බලා  ඒවා  කඩාදමා  නිසිලෙස  ජලය  බැස යාමට  හැකිවනසේ  සකස්කිරීම.

එ. ජා . නි .  පෙරමුණ

*කසල  කලමණාකරණය  සදහා  (එම  කසල වලින්  ප්‍රයෝජනය  ගතහැකි  පරිදි  ) විධීමත්  වැඩපිළිවෙලක්  සැකසීම.

*වැසිජලය රදා නොසිටිනසේ  කානු පද්ධතිය  පවතින   ක්‍රමයට වඩා  වෙනස්   පිළිවෙලකට  සැකසීම


සටහන- සැම්සන් ඥානසිරි

????????????????????????????????????