මීගමු නගරාධිපතිගේ ගමට එන්නත 6 පාරක්, පෙරියමුල්ලට තාමත් නෑ ?

0
79

රජය මහත් වෙහෙසක් දරා ලබාගෙන ඇති බව පෙනෙන කොරෝනා එන්නත ගම්වල ජනතාවට ලබාදිමේ කටයුත්තේදි බරපතල වශයෙන් අසමානතා ඇතිව තිබෙන බැව් පැහැදිලිය.
මේ නිසාම ජනාධිපතිවරයා සහ රජය දැඩි විවේචනයකට මේ දිනවල ලක්ව ඇති බව පෙනේ.
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මේ ගැන මාධ්‍ය හමුවේ බරපතල විවේචනයක් ඉල්ල කර තිබුණි.
ඔහු කියා සිටියේ එන්නතට අදාලව VIP සැලකිලි දැක්විම් සිදුවන බවය.
මේ අතර මිගමුවේ මෙසේ VIP සැලකිලි දේශපාලකයන්ගේ හිතවතුන්ට මෙන්ම දේශපාලන ප්‍රධානින්ගේ ගම්වලට ද ලැබි ඇති ආකාරය ඉතා පැහැදිලිය.
පෙරියමුල්ල වැනි ජාතින් කිපයක්ම එකට වසන ගමකට අදටත් එන්නත ලබාදිමට නොහැකි වෙද්දි නගරාධිපති දයාන් ලංසාගේ ගම වන වැල්ලවිදියට 6 පාරකුත් ,හිටපු නගරාධිපතිවරයා වන ඇන්ටනි ජයවීරගේ ගමට 3 ක් පාරකුත් එන්ත ලබාදි තිබේ.
මෙය ඉතා පැහැදිලිව අනෙකුත් ජනතාවට එන්න ලබාගැනිමට ඇති අයිතිය සිමාකිරිමට තුඩු දි තිබේ.
දේශපාලකයන් එන්නතිනුත් ගොඩයන්නට බලද්දි රාජ්‍ය නිළධාරින් කෙලින් සිටිය යුත්තේ රටේ පුරවැසියන් වෙනුවෙනි.
එහෙත් අවාසනාවක මහත නම් මිගමුවේදි බහුතරයක් රාජ්‍ය නිළධාරින් පවා මේ වෙන කොට ගෙන ඇත්තේ මිගමුවේ ජනතාවගේ පැත්තේ නොව දේශපාලකයන්ගේ පැත්තේ බව ඉතා පැහැදිලි වෙමින් තිබේ