මීගමු නගරාධිපතිගේ හොර වාර්තාව ….

0
152

මිගමුවේ බදු ගෙවන ජනයාට පහසු සැපයිමට වඩා දේශපාලන හිතවතුන්ට පහසුකම් සැලසිම ගැන වැඩියෙන් වදවෙන මිගමුවේ නගරාධිපති දයාන් ලංසා ඒ වෙනුවෙන් මහ සභාවේ වාර්තාව පවා හොරට හදා ඇතැයි මේ වන විට බරපතල චෝදනාවක් එල්ල වි තිබේ.

තවමත් කොන්ද කෙලින් තියාගෙන බදුගෙවන ජනයාගේ අයිතිය වෙනුවෙන් පෙනි සිටින එජාප නාගරික මන්ත්‍රි සංගීත් පෙරේරා මිපුර වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් මේ චෝදනාව පසුගියදා එල්ල කර තිබුණි.
එහිදි ඔහු අවධාරණය කර සිටියේ කඩොල් කැලේ පිට්ටනිය  30 වසරක් සදහා බදු දිමට අදාලව පසුගිය මහසභාව තුලදි පැමිණි සියළු එකගතා මහසභා වාර්තාවට ඇතුලත් නොකිරිමට නගරාධිපති වරයා සහ ලේකම් කටයුතු කර ඇති බවය.