මීගමු පුරවරයට අලෝකයක් වු අම්තුර් රහිම් ගුරුමෑණියන් දැයෙන් සමුගනියි

0
124

කලා භූෂණ කිචිලාන් අමුතු රහීම් ගුරු මහත්මිය මීගමුව ටත් අනෙකුත් පාසල් වලටත් සේවයේ නිරත විය. මීගමුව අල් හිලාල් මධ්‍ය මහා විද්‍යාලයේ මෙන්ම නොයෙකුත් පාසල්වල සේවය කළ අතර කලා ක්ෂේත්‍රයේ විශේෂ තැනක් රඳවා ගන්නටද ඇය සමත් වූවාය.
කලාව, කාව්‍ය , රංගන සෞන්දර්ය අංශයේ ඇයගේ උපරිම සේවය ලබා දෙන ලදී. පුවත්පත්වලට ලිපි කවි කාව්‍ය ගවේෂණාත්මක ලිපි ලිවීම ශ්‍රී ලංකා යෝනක මුස්ලිම් සමාජය හා බැඳුණු සිරිත් විරිත් හා චාරිත්‍ර රංගන කලාවෙන් මෙන්ම තම ලිපිවලින් පාඨකයන්ට බෙදා දෙන්නට එම ගුරු මාතාව අමතක නොකළාය.

තම පාසලේ දී සිසුසිසුවියන්ගේ කලා කෞශල්‍ය ඔප් නංවමින් සමාජයට පිරිපුන් පිරිසක් දායාද කලාය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් කාන්තා වැඩසටහනක් වන ” මාදර් මජ්ලිස්” තුළින් උපදෙස් ලබා දීමේදී කලාකාරියක් ලෙස එම වැඩසටහන සිත් සැදෙන ආකාරය ආකර්ෂණීය ඉදිරිපත් කරන්නට සමත්වූවාය.

මීපුර පුවත්පත මුන්නක්කරය නම් ගමේ ඉතිහාසය පිළිබඳ හා එම නම කෙසේ සෑදුණේ ද පෘතුගීසීන්ගේ ආගමනයට පෙර එහි ජීවත් වූ මුස්ලිම්වරුන්ගේ ජන ජීවිතය අළලා ලියූ ලිපිය පාඨකයන්ගේ ප්‍රසාදයට ලක්විය.

අවසන් වශයෙන් මා හට මෙම ගුරු මෑණියන් හමුවන්නට අවස්ථාව ලැබිණි මීගමුව අල් හිලාල් මධ්‍ය මහා විදුහලේ සියවස සමරන අවස්ථාවේ දී මෙම පාසලේ සේවය කළ ගුරු භවතුන් හට ගුරු උපහාර පිදුම් ලැබූ දිනයේදීය.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඇය රෝද පුටුවෙන් පැමිණි මොහොතේ පාසල් ප්‍රවේශය සිට වේදිකාව දක්වා එම රෝද පුටුව තල්ලුකරගෙන රැගෙන යාමට අවස්ථාව ලැබීම මගේ භාග්‍යයක් ලෙස මා අයට පැවසූ මොහොතේ ඇයගේ නෙත් වල සතුටු කඳුළු වලින් පිරී තිබිණි.
අම්තුර් රහීම් ගුරු මෑණියන් එම සිදුවීම කවියට නගා පුවත්පතක පළ කර මා හට කෘතගුණ වූයේ ඇයගේ නිහතමානී ප්‍රතිඋපකාරයක් ලෙසයි.
ගුරු මෑනියනි ඔබේ සේවය අමරණීය ඉස්ලාම් දහමට අනුව ජන තුළ විවි වූත් නම් උසස් වර්ගය ලැබේවා.
ආමීන්
මීපුර පුරවැසි මාධ්‍යකරු එම්.එස්.සුජායිල් මුනියර්