මීගමු පොහොට්ටුවේ ඡන්ද සටන කොටඋඩ ?

0
177

FB_IMG_1565239105288පොහාට්ටුවේ දේශපාලනය හා සම්බන්ධ පිරිස් හෙට දිනය පිළිබදව දෑස් දල්වා  සිටින්නේ එහි ජනාධිපති අපෙක්ෂකයා අගෝස්තු 11 වෙනිදා ප්‍රකාශයට පත්කරනවා  යැයි දැනටමත් පොහොට්ටුවට සම්බන්ධ විවිධ දේශපාලකයන් විසින් මාධ්‍ය හරහා කරමින් තිබෙන ප්‍රකාශයන්ද හේතුකොටගෙනය.
කෙසේ වෙතත් රටපුරාම පොහොට්ටුවේ ඡන්ද ව්‍යාපාරය සුභ නැකතින් ආරම්භ විය.
එහෙත් මිගමුවේදි නම් නැකත කෙසේ වෙතත් පටන් ගැන්මේදීම  රටට දුන් පණිවිඩය වි තිබුනේ අසුභත්වයක සලකුණුය.
පොහොට්ටුවේ සංවිධාකයා ලෙස  පසුගිය කාලය පුරාම නිමල් ලංසා විසින් ප්‍රසිද්ධියේ කියා තිබුණ සරත් ගුණරත්න සුභ නැකතින් ඇරඹි මීගමුවේ පොහොට්ටු ඡන්ද ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවට පැමිණ සිටියේ නැත.
මීගමුව තුල පොහොට්ටුවේ ඇති දැවැන්ත අර්බුදය මතුකරන ප්‍රබල මොහොත ලෙසින් දැනටමත් එය මිගමුවටත් රටටත් හෙළිදරව් වි තිබේ.
අනික් වැදගත් කරුණ වුයේ ලංසා පවුල විසින් මුහුණ පොත හරහා බෙදාහරින්නට යෙදුන පින්තුර දෙස බලන විට ලංසා පුවලේ නිමල් සහ දයාන් යන දෙදෙනාට අමතර ගෙයින් ගෙට යන්නට සිටියේ ලාබාල වයසේ කිපපෙදනෙකු පමණක් විමය..
ඒ අය අතර මිගමුව මහනගර සභාවේ බදුමුදල් වලින් පඩි ලබන සේවක සේවිකාවන්ද විය.
වෙනත් නගර දිස්ත්‍රික් වල ජන්ද ව්‍යාපාරයේ ආරම්භය සනිටුහන් කර තිබු ආකාරය අනුව මිගමුව තුල පැවැතියේ ඉතාමත් දුර්වල තත්වයකි.
එපමණක් නොව මේ දුර්වල මොහොත සමාජ ගතකරමින් බුකියට මුදා හැර තිබුණ ඡායාරූප  පිළිබදව දැවැන්ත ලංසා විරෝධයක්ද මතුව තිබුණි. .
ඒ ලංසාට අලවා ඇති ජාතික ලේබලය ගැනද සදහන් කරමිනි.