මීගමු පොහොට්ටු ප්‍රබලයන්ගේ සහය ලංසාට අහිමිවෙයි ? ඉන්දික,ආනන්දට සහ මෙරිල්ට මනාපයක් !

0
101

IMG-20200624-WA0018IMG-20200624-WA0013IMG-20200624-WA0010මීගමුව තුල මේ වන විට පොහොට්ටු ක්‍රියාකාරින් අතර බරපතල බෙදිල්ලක් මතුව තිබේ. ඉන් බහුතරයක් දෙනා නිමල් ලංසාට එරෙහිව මේ වන විටත් තින්දු ගෙන තිබේ.
ඒ අනුව ඉන්දික අනුරුද්ධ,ආනන්ද හරිස්චන්ද්‍ර සහ මෙරිල් පෙරේරා යන අයට සිය සහය පළකරමින් විශේෂ හමුවක් පසුගියදා මිගමුවේදි පවත්වා තිබේ.
දැනටමත් අවධානම් කලාපයක සිටින නිමල් ලංසාට එරෙහිව මිගමුව තුල මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුලද මතුව එන ලංසා විරෝධි පොහොට්ටු රැල්ල රුපියල් මිලියන ගණනින් විසි කළද සමාජ මාධ්‍ය ඔස්තාර්ලාටවත් ගොඩදමා ගත නොහැකි වි ඇත .ට
මේ අනුව සමාජ මාධ්‍ය තුල අද වන විට අසාර්ථකම ප්‍රචාරක වැඩපිළිවෙල ඇත්තේද නිමල් ලංසාගේය.ඒ සාමාජ මාධ්‍ය වෙතට මුදාහැරෙන නිමල් ලංසාගේ පෝස්ට් වලට හැරෙන තෑපෑලෙන්ම දෑවැන්ත විරෝධයක් මතුවෙමින් තිබිම නිසාය.ඔහු විසින් මේ කොන්ත්‍රාත්තුව භාර දි ඇති ගම්පහ සිංහයෝද මේ වන විට අන්දමන්ද වි සිටින්නේ තමන්ට රුපියල් මිටි අත තැබු දේශපාලකයාව ගොඩ දාගැනිමට නොහැකිව තිබිම නිසාය.
මේ අනුව ලංසාගේ දේශපාලන හවුල් ගමන දැන් සිමාවි ඇත්තේ සුදර්ශණිත් සමඟින් පමණි.එහෙත් සුදර්ශණි මෙන්ම ඇයගේ දේශපාලන ක්‍රියාධරයන්ද ලංසා කියන්නේ කව්දැයි ඉතා හොදින් දන්නා බව මුළු කටානම දනි.
IMG-20200624-WA0017(ඡායා- මොහොමඩ් ෆස්මිගේ ෆේස්බුක් පිටුවෙනි )