මීගමු පොහොට්ටු මන්ත්‍රීවරු කොමිස් ගන්න පිල් බෙදී පොරකති ?

0
87
ඉදිකිරිම් පටන් ගන්න කිසිදු සුදානමක් හෝ නැතිව කඩාදැමුන ඩඩ්ලි මාර්කට එක
ඉදිකිරිම් පටන් ගන්න කිසිදු සුදානමක් හෝ නැතිව කඩාදැමුන ඩඩ්ලි මාර්කට එක
ඉදිකිරිම් පටන් ගන්න කිසිදු සුදානමක් හෝ නැතිව කඩාදැමුන ඩඩ්ලි මාර්කට එක

කොමිස් කුට්ටි වලට ලංකාවේ කප් ගැසු මන්ත්‍රිලා ඉන්නේ මිගමුවේ යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.
ඔවුන් බිල්ඩින් ඉක්මන්ම කඩන්නේ හදන්නම නොවන බව මීගමුවේ දි දැන් යළි යළිත් ඔප්පු වෙමින් තිබේ.
නව ගොඩනැගිලි ඉදිකිරිමට අතේපිච්චියක් නැතිව තිබියදි ගොඩනැගලි කඩා දමා ඒවා ඉදිකිරිමට ටෙන්ඩර් කැදවන්නේ ඒ ටෙන්ඩර්කරුවන්ගෙන් ගත හැකි 20% කොමිස්  නිසාමය.
මේ පිළිබදව අළුත්ම කොමිස් සෙල්ලම වාර්ථා වන්නේ කාමච්චෝඩේ කඩා දමන ලද ඩඩ්ලි මාර්කට් එකේ නව ඉදිකිරිම් අරභයාය.
පසුගිය බ්‍රහස්පතින්දා පැවැති මහසභා රැස්විමේදි මෙහි ඉදිකිරිම් ටෙන්ඩරය දෙනු ලබන්නේ කාටද යන්න ගැන සාකච්ජාවේදි හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර ඇතුලු තවත් අයෙකු විරුද්ධ වි තිබුණි.
ඒ ඔවුන්ගේ පාර්ශවයේද ටෙන්ඩර්කරුවන් මේ වෙනුවෙන් බලා සිටින නිසාමය.
එබැවින් දැන්  ඇත්තේ කඩා දමන ලද ගොඩනැගිල්ල ඉක්මනින් ඉදිකිරිමටත් වඩා කව්රුන් හෝ ටෙන්ඩරුවෙකු අන්දවාගෙන ඔහුගෙන් කොමිස් ගැනිල්ල ගැන තරගයකි.
සාමාන්‍යයෙන් ටෙන්ඩර්කරුවන් තේරිමේදි අනුගමනය කළ යුතු රජය පිළිගත් ක්‍රමයක් තිබේ. ඒ අදාල ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කරනු ලබන මිළට අනුව එවැන්නක් ඉදිකිරිමට ඇති සුදුසුකම් මත පමණක් මෙසේ ටෙන්ඩර්කරුවන් තේරිම සිදුකෙරේ.
එහෙත් මිගමුවේදි වන්නේ අදාල සුදුසුකම් සදහා එවැනි ආයතනයක් හා ගිවිසුම් ගත වෙමින් ටෙන්ඩර් කොන්දේසිය සපුරා පසුව එය සුදුසුකම් නොබලාටම දෙවන පාර්ශවයක් වෙත ලබාදිමය.නිදසුනක් ලෙස ගතහොත් මිගමුව නගරය මැද ඉදිවුන බස්නැවතුම් පළ ස්ක්‍යවර් මැක් නම් සුදුසුකම් ආයතනයක් වෙත ලබාදුන්නද පසුව එය ලබා දි තිබුනේ එවැන්නක් කිරිමට කිසිදු සුදුසුකමක් නැති මිගමුවේ අයෙකු හටය.
එහි අනිසංස දැක බලාගැනිමට නම් බස්නැවතුම් පලේ පළමු මහලෙන් ඉහලට නැග බැලිය යුතුවේ.
එ සැබැවින්ම ලංසා පාලනය තුල කරන්නට යෙදුන ලොකුම සුදු අලියාය.