Monday, November 25, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home News මීගමු බන්ධනාගාරයේ ජේලර්වරයෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරවෙයි !

මීගමු බන්ධනාගාරයේ ජේලර්වරයෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරවෙයි !

0
237
NGB prisonමීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දූෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී සිටි මීගමුව බන්ධනාගාරයේ දෙවැනි පෙළ ජේලර්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට අද (24) පස්වරුවේ පැමිණ බාරවී ඇතැයි ලංකා දිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

එලෙස බාරවී ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ දෙවැනි පෙළ ජේලර්වරයකු වශයෙන් සේවය කළ ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නමැත්තා බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසා තිබුණ බවද එහි සඳහන්ය.

මෙම සිද්ධියට අදාළව මීගමුව බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ අනුරුද්ධ සම්පායෝ මහතාට අමතරව මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා වශයෙන් කටයුතු කළ උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර් නිශාන්ත සේනාරත්න සහ දෙවැනි පෙළ ජේලර් ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නමැති නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට තිබිණි.

මීගමුව බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ අනුරුද්ධ සම්පායෝ මහතා තමන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කොට තිබු අතර කාලිංග කළුඅග්ගල නමැති දෙවැනි පෙළ ජේලර්වරයා රහස් පොලිසිය වෙත පැමිණ බාරවී ඇත..
දැනටමත් ලංකාවේ දුෂිතම නගර වලින් එකක් සේ ගැනෙන මිගමුව තුල ක්‍රියාත්මක රාජ්‍ය ආයතනවල සිදුවෙමින් ඇති දුෂණයන් දැන් එකින් එක එළියට එමින් තිබේ.
එහි පුලුල්ම වපසරිව පුපුරා ගොස් තිබුනේ මිගමුව බන්ධනාගාරයේ සිදුව  අති දැවැන්ත දුෂණ වංචා කප්පම් කථා හෙළිදරව් විමත් සමඟින්ය.
දැනටමත් සිදුව ඇති බන්ධනාගාර හෙළිදරව් කිරිම් වලින් පෙනි යන්නේ කුඩු රජවරු එහි සිට සිය මහාපරිමාණ ජවාරම් රජසැපද සමගින් සිදුකරගෙන ගිය අයුරු පිළිබදවය.
මිගමුවේ පොහෝට්ටු දේශපාලනය හා එකටම යන මත්ද්‍රව්‍ය ජාවාරම මිගමු බන්ධනාගරය තුල ජයටම ගෙන යන්නට තවත් මැදිහත්වුවන් ගැන තවත් තොරතුරු මේ ආකාරයෙන් ඉදිරියේදි තවත් දිගහැරෙනු ඇත.

Exit mobile version