මීගමු බස් නැවතුම්පල ඉදිරිපිට ඇති කානුව අනතුරකට අතවනයි !

0
298

kanuwa 2

(6.45 am ) මීගමුව  බස්නැවතුම්  පල  ඉදිරිපිට  ඇති   කානුවක්  කිසිදු  ආවරණයක්  නොමැතිව  විවෘර්ත  වීම  නිසා  එම  ස්ථානය  අනතුරුදායක   තැනක්  බවට  පත්වී  ඇත. මෙම  ස්ථානය  කලක  සිට  මේ  ආකාරයෙන්ම  පවතින  නමුත්  තවමත්  කිසිදු  වගකිවයුත්තෙක්  හෝ    වගකිවයුතු  ආයතනයක්  මේ  පිළිබඳව  ක්‍රියාමාර්ගයක්  ගෙන  නොමැත.එක්  පැත්තකින්  විශාල  කොකාකෝලා  බෝතලයක්  සහ  අනෙක්  පැත්තෙන්  කුඩා  සුවිප්  කඩයක්  නිසා  යම්  තරමක  හෝ  ආවරණයක්  තිබුනද  රාත්‍රි  කාලයේදී   මෙහි  අනතුරුදායක  බව  තවත්   වැඩිවේ. එසේම  අනෙක්  කාරණය  වන්නේ   බස්නැවතුම්  පලක්  නිසා  විශාල  ජනතාවක්  මේ  අසලින්  ගමන්  කිරීමයි. මේ  අසල  වෙළඳාම්  කරන්නෙකු  අපසමඟ  ප්‍රකාශකළේ    මෙහි  වැටී  අනතුරට  ලක්වු  අත්දැකීම්    ඇති  බවයි.

මීගමුව  නගරයේ  ඇලවල්  සහ  කානු  පද්ධතිය  නිසි  කලමණාකාරීත්වයක්  යටතේ  නඩත්තු  නොවන  බව  අප  කව්රුත්  දන්නා  කරුණකි.  ඒනිසා  මේ  කානු තුළින්  එකතුවන  කුණු  සහ  විවිධ  අපද්‍රව්‍ය  හේතුවෙන්  මදුරු  කීටයන්  සඳහා  අවශ්‍ය  පරිසරයක්  නිර්මාණය  කරයි.  නමුත්  මෙවැනි  ස්ථාන  මිනිස්  ජීවිත  සඳහා  නම්  යහපත්  නොවන  බව  පැහැදිළිය. එසේම  මෙවැනි  තැන්  මේ ලෙස  කැඩීබිඳී  විවෘර්තව  ප්‍රසිද්ධ ස්ථානයන්හි   තිබීමෙන්  ජනතාවට  නිදහසේ  පාරේ  ගමන්  කිරීමට  එය  බාධාවක්  වනබව  කිවයුතුය. විදුලි  බුබුලක්  දැමීම සඳහා  විදුලි  කනුවක්  ගානේ  ගොස්  මහන්සිවන  මහත්වරුන්ට  මෙවැනි  ස්ථාන  හමු නොවීම  පුදුමයට  කරුණකි.  ඒ නිසා  මෙවැනි  ස්ථාන  අසලින්  ගමන්කිරීම  අනතුරුදායක බව  අපි  ඔවුන්ටද  අනතුරු  අඟවමු.