මීගමු බිච් පාක් එකේ පිහිනුම් තටාකයක් ..?

0
99

පිහිනුම් තාටාකයක්ද...?මීගමුවේ ජනගහනය වේගයෙන් වැඩවෙමින් තිබේ.විශේෂයෙන්ම පසුගිය යුධ සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් දහස් ගණනන් ජනයා මෙහි පැමිණ ඇත. එපමනක් නොව ව්‍යාපාරික හා අනෙකුත් ක්ෂේත්‍රයන් තලද සිදුවෙමින් ඇති වේගවත් සංවර්ධනය නිසා අවට ඇති අනෙක් නගර වලට වඩා මීගමුව දැන් ජනාකීර්ණ වෙමින් තිබේ.
එහෙත් මේ ජනාකිර්ණත්වයට මුහුණ දිමට අවැසි සේවා පහසුකම් සපුරා ලිම සම්බන්ධයෙන් නම් කිසිදු වැඩපිළිවෙලක් මීගමුව මහ නගර සභාවට නැත.
මෙයට එක් උදාහරණයක් සපයන්නේ නම් විවේකය නිදහසේ ගතකිරිමට මීගමුව තුල ඇති ඉඩ ප්‍රස්ථා වේගයෙන් හැකිලි යමින් තිබිමෙන් මේ පාලකයන්ට ඒ ගැන වගක්වත් නැති බව ඉතා හොදින් තේරුම්ගතහැකිව තිබේ.
රාජපක්ෂ උද්‍යානය වසා දමා මාස 20 කි.මීගමුවේ සුන්දර මුහුදු වෙරළ මාළු විකිණිමටත් කරවල විකිණිමටත ලබා දි ඇත.කුරණ ඉදිකෙරුන ළමා උද්‍යානය නිසි පරිදි විවෘත කෙරුනේ නැත.නිසි නඩත්තුවක්ද නැත.
මේ පසුබිම යටතේ මීගමුවේ ජනයාට යම්පමණකින් හෝ විවේකය නිදහසේ ගතකරන්නට තිබුනේ මීගමුව ඒත්තුකාලේ වෙරළ උද්‍යානයයි.එහෙත් දැන් ඒ ඉඩද අහිමි වන තැනට කටයුතු සැලසි ඇත.
ඒ මෙහි දැනට සිදුකරමින් තිබෙන ඉදිකිරිම් හේතුකොටගෙනය.අයෙකු පවසන්නේ එහි මුරකුටියක්ද සහිතව ගොඩනැගිල්ලක් ඉදිකරන බවය.එහෙත් මේ සම්බන්ධයෙන් අද ප්‍රසිද්ධව ඇති පුවත වි ඇත්තේ වෙරළ උද්‍යානය හාරා එහි පිහිනුම් තාටකයක් ඉදිකරමින් ඇති බවය.මේ සම්බන්ධයනේ අප කළ විමසුමකට පිළිතුරු දුන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මීගමුව කාර්යාලයේ නිළධාරියෙකු පවසා සිටියේ තමන් අවසර ලබාදි ඇත්තේ ගොඩනැගිල්ලක් ඉදිකිරිමට බවය.පිහිනුම් තටාකයක් සදහා කිසිදු අවසරක් ලබා දි නැතිබවද අවධාරණය කර සිටි.වෙරළ උද්‍යානයේ ටෙන්ඩරයේ හිමිකරුවිමේ වාසනාව වසර ගණනාවක සිට හිමිකරගෙන ඇත්තේ මීගමුවේ ප්‍රබල දේශපාලකයෙකුගේ පියෙකි.