මීගමු මංත්‍රිලාගේ මැලේසියා ගමන රෝන්දයක් පමණක්ලු????

0
75

KL 1මීගමුව මනගගර සභාවේ  මන්ත්‍රිවරුන් පිරිසක් මීට මාස 6 කට පෙර මැලේසියාවට ගොස් තිබුනේ කසල කළමාණාකරණය ගැන ඉගෙන ගන්නට යැයි කියමිනි.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙක් පමණක් මේ ගමනට ප්‍රතිපත්තිමය හේතුවක් නිසාවෙන් ගමනට සම්බන්ධ වන්නේ නැත.
ඒ නාගරික මන්ත්‍රින් වන  ගිහාන් ප්‍රනාන්දු ,සංගිත් පෙරේරා සහ වෛද්‍ය හෙන්රි රොසයිරෝය.මේ ගමන කිසිදු ප්‍රයෝජනයක් නොවන බදු මුදල් නිකරුනේ වියදම් වන එකක් නිසා ඔවුන් එයට සමබන්ධව   තිබුනේ නැත.
මේ ගමනට සම්බන්ධ වි සිටිනාගරික මන්ත්‍රිවරුන් පිරිසක් විසින්ම මේ බව අනාවරණය කර තිබුනේ  මෙවර මහසභා රැස්විමේදිය.
මුස්ලිම් කොන්ග්‍රස් නගාරික මන්ත්‍රි ඊසාක් පවසා මේ ගමනින් පු මාස 6 ක් ගතව තිබුනද ගමනට සහභාගිවුවන් එක්ව එහිදි ලබාගත් අත්දැකිම් මීගමුවට යොදාගන්නේ කෙසේද යන්න ගැන කිසිදු රැස්විමක් පවත්වා නැති බවය.
මේ ගමන වෙනුවෙන් මහජන මුදල් ලක්ෂ 30 ක් පමණ වැය වි තිබුන බව කියැවේ.