මීගමු මහත්මා දේශපාලනයේ අවසන් පුරුක සරත්….

0
161

මීගමුවේ මහත්මා දේශපාලනයේ අවසානය සටහන් වනුයේ සරත්චන්ද්‍ර ගුණරත්න මහතා දේශපාලනයෙන් සමුගැනීමත් සමඟය.

ඔහු සැබැවින්ම මහත්තුරුන්ගේ දේශපාලනය නියෝජන කළ මිගමුවේ සිටි අවසානයා යැයි කිම සැබැවන්ම අතිශයෝක්තියක් නොවේ .

ඔහු අවාසනාවත්ත ලෙස ජිවිතයට සමුදි මැයි 11 වෙනි දිනට වසර 25 පිරි තිබුණි.

එදා මෙදා තුර කාලය තුල මිගමු දේශපාලනය වැඩියෙන්ම නතුව තිබුනේ කලු සල්ලි දේශපාලනයේ පිල්ලි බවට පත්වු දේශපාලන පවුලක් තුලය.


එජාප බලකොටුවක් සේ ගැනුණ මීගමුවේ වැඩිම කාලයක් මන්ති‍්‍රවරයෙකු ලෙසින් කටයුතු කළ ඩෙන්සිල් ප‍්‍රනාන්දු මීගමුවේ මේ මහත්මා දේශාලන සංස්කෘතියකට පදනම සැපයු බව කව්රුත් පිළිගනිති.

මෙසේ සාමකාමිව පැවති මීගමුවට මේ පාදඩ දේශපාලනය කැදවාගෙන එනු ලබන්නේ  ආනන්ද මුණසිංහ ආණ්ඩු පක්ෂ දේශපාලනයට පිවිසිමත් සමගින්ය.
ආනන්ද මුණසිංහගෙන් පසු දේශපාලනයට පිවිසි නිමල් ලංසා මිගමුව දේශපාලනය තුල කළු සලකුණ එක්කරමින් මහත්මා දේශපාලනයට එහෙම පිටින්ම තිත තබා තිබුණි.

ටයිකොට් ඇන්ද පමණින් කව්රුත් මහත්තුරුන් නොවෙති….


ටයි කෝට් ඇන්ද පමණින් මහත්තුරුන් නොවන බව රටක් දැනගත්තේ නිමල් ලංසා විසින් සිය මදාවි මලයාව දේශපාලනයට කැදවා ගෙන පැමිණිමත් සමගින්ය.


අද වන විට මිගමුවේ දේශපාලනය යන එහෙම පිටින්ම මදාවිකරණයට ලක්ව මැට්ටන්ගේ දේශපාලනයක් බවට පත්ව තිබේ.අද මේ මදාවි දේශපාලනය රඟන අයුරු දකින විට මිට වසර 25 කට පෙර සරත්චන්ද්‍ර ගුණරත්නලා වැනි දේශපාලනකයන් විසින් දායද කළ මහත්තුරුන්ගේ දේශපාලනයට සිදුව ඇති විනාශයේ තරම ඉතා හොදින් තේරුම් ගත හැකිවිය.

සරත්වන්ද්‍ර ගුණරත්නලාගේ මහත්මා එජාප දේශපාලනය මදාවියන්ට පාවා දුන් බෙන්ජමින්ලා ..

මිගමුවේ එජාප දේශපාලනයට එදා නායකත්වය දෙමින් පක්ෂ භේදයකින් තොරව මිගමුවට සේවය කරමින් විශාල සංවර්ධනයක් විශේෂයෙන්ම දුප්පතුන් වෙනුවෙන් අත්කර දුන් සරත්චන්ද්‍ර ගුණරත්නගේ මහත්මා දේශපාලනයට පවා නිගා දෙමින් අද මිගමුවේ වත්මන් එජාප නායකයන් මදාවි දේශපාලකයන් හා රඟන අයුරු සැබැවින්ම හිරිකිතය.


එවන් එජාප හරසුන් පුස් මිනිසුන් සැබැවින්ම සරත්චන්ද්‍ර ගුණරත්නලා එදා ගොඩනැගු පිරිසිදු එජාප දේශපාලන සංස්කෘතියට කක්කා දැමු දේශපාලකයන් ලෙසින් ඉතිහාස ගතවනු නොඅනුමානය.


1986 වසරේදි වමේ දේශාපාලන ක්‍රියාධරයන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරින් විසින් වෘත්තිය අරගලයකට සහය පළකරමින් නගරය පුරා ප්‍රසිද්ධියේ පොස්ටර් අලවමින් සිටියදි එජාප පොලිසිය පැමිණ ඒ සියළු දෙනාවම අත්අඩංගුවට ගෙන සිරගත කොට තිබියදි එවකට මීගමුවේ එජාප නායකයා සිටි සරත් චන්ද්‍රගුණරත්න පොලිසියට පැමිණ මෙ සාමාජ ක්‍රියාකාරින් වෙනුුවෙන් පෙනි සිටි ආකාරය ඔහුගේ දේශපාලනයේ පරිණතභාවය මිගමුව මහත්මා දේශපාලනය තුල සලකුණ කළ තවත් සුවිශෙේෂි මොහොතක් විය.


එහෙත් වත්මන් එජාප සංවිධායක බෙන්ජමින් මිගමුවේ මදාවි නගරාධිපති හා එක්ව මිගමුවේ තිත්ත ඇත්ත හෙළිකරන මාධ්‍යවේදින්ට එරෙහිව මහජන බදු මුදල් යොදාගෙන නඩු දැමිය යුතුයැයි මහනගර සභාවට කළ යෝජනාව මිගමුව දේශපාලන ඉතිහාසය තුල එජාපය විසින් කළ අමනම යෝජනාව ලෙසින් ඉතිහාස ගතවිම වැලැක්විය නොහැක.

බල්ලන් හා ලැග මැක්කන් පිහිදමින් නැගිටින මේ එජාප අමන දේශපාලකයන්ව මිගමුව දේශපාලනයේ කුණු වලටම ඇද දැමිමට මිගමුවේ ප්‍රගතිශිලි ජනයා විසින් සැබැවින්ම තින්දු කර හමාරය.

මාධ්‍ය මර්ධනය කිරිමට යෝජනාවක් ගෙන එමින් මදාවියන්ගේ කරේ අතදාගත් බෙන්ජමින්ලාව දේශපාලනයෙන් අතුගා දැමිමට මිගමුවේ ප්‍රගිතිශිලි ජනයා හා මිගමුවේ ප්‍රතිපත්ති ගරුක මාධ්‍යවේදින්ද පෙළගැසෙන බව අවසාන වශයෙන් මෙහිලා සටහන් කළ යුතුව තිබේ.

බල්ලන් එක්ක ලැග්ගොත් රොයිස්ටත් වෙන්නේ මැක්කොන් එක්ක නැගිටින්න ..

සරත්වන්ද්‍රගුණරත්න වැනි මහත්තුරුන් ඉදිරියේ බෙන්ජිමින්ලා යනු එජාප දේශපාලනයද මිගමුවේදි නන්නත්තාර කළ පුස් මිනිසෙකු බව මිස අන් කවරෙකුත් නොවේ යැයි රොයිස් විජිත පවා දැනගතයුතුය.
බල්ලන් සමගින් ලැග්ගොත් රොයිස්ලාට පවා නැගිටින්නට වන්නේ මැක්කන් පිහදමමින් බව තේරුම් ගැනිමට තරම් දේශපාලන මොළයක් ඇතැයි අප විශ්වාස කරමු .