මීගමු මහනගර සභාවේ ආපනශාලා ටෙන්ඩරය නාගරික කොමසාරිස්වරියගේ සහෝදරයෙකුට ???

0
94

MC NGBලංකාවේ දුෂිතම මහනගර සභාවක් බවට පත්ව ඇති මිගමුව ඒ තත්වයට පත්කිරිමට තුඩු දුන් ප්‍රධාන හේතු දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ  ඔළු ගෙඩි ගණනින් ඉහල අගයක් ගත්තද ලංසා පවුලට ගැතිකම් කරන විපක්ෂ මන්ත්‍රින් බහුතරයක් සිටිමය
අනික් හේතුව වන්නේ වෘත්තිය ආචාර ධර්ම ගැන කිසිදු තැකිමක් නොකොට දේශපාලනඥයන්ගේ අති දුෂිත උවමනාවන් සියල්ල සපුරාලන්නට පේවි සිටින නාගරික කොමසාරිස්වරිය ඇතුළු නිලධාරි පැලැන්තියක් සිටිමය.
මේ සියල්ලේ ආශිර්වාදය මත ලංසා පවුල සුපුරුදු පරිදි මීගමුව මහජනයාගේ බදු මුදල් පවුලේ පුද්ගලික බූදලයක් සේ සලකා කටයුතු කරගෙන යමින් සිටි.
මේ අතර වාර්ථා වන අලුත්ම දුෂිත ගණුදෙනුව තවත් අපුරුය.
ඒ මහනගර සභාවේ ආපන ශාලාව සම්බන්ධයෙනි
එය කරගෙන යාමට වරප්‍රසාදය ලැබි ඇත්තේ මිගමුව නාගරික කොමසාරිස්වරියගේ සහෝදරයෙකුට බව සැලය.
ඒ අනුව කොමසාරිස්වරියගේ  සහෝදරයා සහ ඔහුගේ බිරිඳ එක්ව දැන් ආපනශාලාව පවත්වාගෙන යන බව කියැවේ
මෙහි වඩාත් දුෂිත කථාව වන්නේ මෙවර ටෙන්ඩරය කොමසාරිස්වරියගේ සහෝදරයා වෙනුවෙන් ලබාගෙන ඇත්තේ ලංසා පවුලේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුෙවකු හරහා විමය.
ප්‍රධාන කොන්ත්‍රාත්කරු විසින් කොමසාරිස්වරියට එවැනි උදව්වක් කළ පසු සිදුවන්නේ කුමක්දැයි අමුතුවෙන් කිව යුතු නොවේ.
ප්‍රමිතියෙන් තොර ඕනැම  කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් අත්සන දිමට දැන් කොමසාරිස්වරිය බැදි සිටි.
මිගමු මහනගර සභාවේ සිටින්නේ තුන්වෙනි පංතියේ කොමසාරිස්වරියක විමද තවත් විශේෂත්වයකි