මීගමු මහනගර සභාවේ ක්‍රිඩා කමිටු සභාපති නිලධාරින්ට දොස් කියලා ?????

0
49

.
මිගමුව මහනගර සභාවේ ක්‍රිඩා කමිටුවේ සභාපතිවරයා වන ජීවංග මිරැන්ඩෝ නිලධාරින් හට පළමු රැස්විමේදිම උස් හඩින් , තදින් කතා කර ඇතැයි වාර්තා වේ.

ඒ මෙවර තමන්ට ක්‍රිඩා භාණ්ඩ ලබාගැනිම සදහා අදාල කටයුතු බාධවකින් තොරව සිදුකළයුතු යැයි දැනුම් දෙමිනි.

මිගමු මහනගර සභාව මේ වන විට දැවන්ත මුල්‍ය අර්බුදයකට මුහුණ දි සිටින අතර ඒ තත්වයට පත්කිරිමට දේශපාලන අධිකාරිය මෙන්ම ඇතැම් නිළධාරීන්ද වගකිව යුතුව තිබේ.

ජීවංග මිරැන්ඩෝ මේ වන විට හතර වතාවක්ම මිගමු මහනගර සභාව නියෝජනය කර ඇති මන්ත්‍රීවරයෙකු වන අතර මේ මුලු කාලය පුරාවටම මහසභාවකදි කතා නොකළ මන්ත්‍රිවරයෙකු ලෙසද ප්‍රකටව සිටි.
ඔහු වත්මන රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ කාර්ය මණ්ඩල සමාජිකයෙකුද වෙයි.
නිලධාරින් හට මෙසේ තදින් කතා කර ඇත්තේ ඇමති හයිය නිසාදැයි නිලධාරින් අතරේ කසුකුසුවක් තිබුන බවද සැලය.