මීගමු මහනගර සභාව ලංසා පවුලේ මහගෙදරද ? නගරාධිපති අයියාගේ උපන් දින සැමරුමත් නගර සභාවේදි ! !

0
100

NImal L ansa(11.50 am ) මිට සුළු මොහොතකට පෙර අප මාධ්‍ය ආයතනයට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ නගර සභාවේ අයෙකුගෙනි.අපට ඇමතුම දුන් කෙනා විමසා සිටියේ ලංසා පවුලේ මහගෙදර මිගමුව මහනගර සභාවදැයි කියාය.
ඒ ඇයිදැයි අප විමසු විට ඔහු කියා සිටියේ පුරපති දයාන් ලංසාගේ සොහොයුරා වන නිමල් ලංසාගේ උපන් දින සැමැරුමත් මේ වන විට පැවැත්වෙමින් තිබිම නිසාය.
පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා නගරාධිපතිවරයාගේ අයියා වු පමණනින් සහ උපදේශයකයෙකු වු පමණක් මෙවැනි දැ සිදුකළ හැකිදැයි බදුගෙවන ජනයාට දැන් අසන්නට කෙනෙක් නැත.මැදමුලනේ රාජපක්ෂලා කල්පනා කළේ රටම එයාලගෙම යැයි කියාය. ඒ  පවුලේ මිගමු ගෝලයන් දැන් හිතන්නේ මිගමුවත් නගර සභාවත් අයිති ලංසා පවුලට යැයි කියාය.
මිගමුවේ පරිපාලන අධිකාරිය කෙලින් සිටියේ නම් ඒ අයගෙන් මේවා ගැන අසන්නට පුලුවන එහෙත් දැන් එයද බැරිය.
මන්ද කොමසාරිස්වරියගෙන් ඇසුවොත් එය සම වන්නේ හොරගේ අම්මාගෙන් පේන අහනවා වගේ යැයි යන කථාවටය.
මේ නිසාම අද මිගමුවේ බදුගෙවන ජනයාට මේ හිතුවක්කාර නාස්තිකාර පාලනයට එරෙහිව පෙරට පැමිණිමට බලකරමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here