මිගමුවේ මාලිමා කණ්ඩායම් නායක ලෙස ජවිපෙ විසින් නම් කර ඇතැයි කියන කෙනාට අඩුම තරමේ මිගමුවේ ඡන්දයත් නැති බව හෙළිවේ.
ජවිපේ විසින් ඒකාධිපති ආකාරයෙන් මේ වන විට කටයුතු කරගෙන යාම ගැන ජාතික ජන බලවේගයට සම්බන්ධව සිටින මිගමුවේ අතිබහුතරය බරපතල විචේචන එල්ල කරන්නට පටන් ගෙන තිබේ.
මේ අතර වාර්තා වන්නේ මිගමුවේ මාලිමා කණ්ඩායම් නායක ලෙසින් ජවිපෙ විසින් පත් කර ඇතැයි අනුමාන කරනු ලබන පුද්ගලයා හට අවම තරමින් මිගමුවේ ඡන්දයක් වත් හිමි නැති බවය.
අදාල පුද්ගලයා කටාන මැතිවරණ කොට්ඨාසයේ .තිඹිරිගස්කටුව ප්‍රදේශයේ ඡන්ද නාම ලේඛන වල සිටින අයෙකු බව කියැවේ.
මිගමු ඉතිහාසයේ මෙවැනි තත්වයක් කිසිදාක සිදුව නැතැයිද මාලිමාවේ ඇතැම් ක්‍රියාකාරිහු කියා සිටිති.මිගමු මාලිමා කණ්ඩායම් නායක මිගමුවේ නොවන අයෙකු බවද එවැනි අයෙකුව කණ්ඩායම් නායකයා ලෙසින් පත්කිරිමට තිරණය කලේ කව්දැයි කොහෙදිද යන ප්‍රශ්ණය මේ වන විට බරපතල ලෙස මතුව තිබේ.
මිගමුවෙ කිසිදු ජාතික ජන බලවේග කමිටුවක් තුලදි එවැන්නක් සාකච්ඡා කර නැති බවද ක්‍රියාකාරිහු කියා සිටිති.