( 7.30 pm ) මෑත කාලන මිගමු මැතිවරණ ඉතිහාසය තුල තිරාණාත්මක පළාත් පාලන මැතිවරණය මැයි මස 6 වෙනිදා පැවැත්විමට නියමිතව තිබේ.
දශක දෙකකටත් වැඩි කාලයක් පවුලක පාලනයට යටත්ව තිබුණ නගර සභා පාලනය යළිත් වටයකින් ජනතා පාලනයක් වෙත නතුකිරිමට ලැබි ඇති මහගුම අවස්ථාව මෙයවේ .
ලංසා පවුලේ හිතවතුන් මීගමුවේ මහජන දේපල පුද්ගලික දේපලවල් සේ සලකා කටයුතු කළ කාලයක් විය.මේ සියලු මහජන සම්පත් හා සේවාවන් පුද්ලික වාසි වලට මිස පොදු ජන යහපත සදහා යෙදවුනේ නැත.
මේ සියල්ල වෙනස් කර යලිත් ජනතා බලයක් ස්ථාපිත කිරිමට දැන් අවස්ථාවක් විවෘතව පවති.
මේ සදහා වැඩිම ඉඩකඩ ඇත්තේ ජාතික ජන බලවේගයට වුවද දැනටමත් අභ්‍යන්තරයේ පවතින විවිධ ගැටළු මෙන්ම මහජන සහයක් නැති ජන අරගලවලට සම්න්ධ වු බවට ඉතිහාසයක් නැති මිගමුවටද ආගන්තුක වු දුර්වල නගරාධිපති අපෙක්ෂකයෙකු ව ජවිපේ නායකයන් ඉදිරියට ගෙන එමින් තිබිම ලංසා පවුල් පාලනය එකෙන්ම ආපසු හැරවිමට ලැබි තිබුන අවස්ථාව යම් ප්‍රමාණයකට අර්බුදයට යවා තිබේ.
ජනතා ප්‍රශ්ණ හා ගැටි අත්දැකිම් ඇති පළපුරුදු අපෙක්ෂකයන් බහුතරයක් නොසිටින මාලිමා අපේක්ෂක ලයිස්තුව මැතිවරණයක් තුලදි මාකට් කිරිමද දැවැන්ත අභියෝගයක්ව පවති
මේ ගැන අදහස් දැක්වු සමාජ ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ මාලිමාවේ එක්තරා අපෙක්ෂිකාවක් සිය ෆේස්බුක් පිටුව තුල පුද්ගලයෙකු විවේචනය කිරිම සදහා සුනඛයෙක් යන වචනයක් භාවිතා කිරිම තුල මේ ඇතමුන්ගේ චර්යාමය ස්වාභය ගැනද දැන් දැන් ගැටළු මතුවෙමින් තිබේ.
මේ අභියෝග නිවරදිවම කළමණාකරණය කරගැනිමේ වගකිම ජනතාව වෙනුවෙන් මිගමුවේ මාලිමා ප්‍රධානින් හට පැවරි ඇති ප්රබලතම වගකීමකි.
තම බලය මිගමුවෙන් ගිලිහි යෑමට ඉඩ නොදි දැවැන්ත කුමන්ත්‍රණ රැසක් දැනටමත් ලංසා පවුල විසින් මිගමුව අරභයා ගොනුුු කර ඇතුවාට සැක නැත.
එම්. පි . එල් ප්‍රනාන්දු