( 4.00 pm ) මීගමු රෝහලට දැඩි අවශ්‍යතාවයක්ව පවතින එහෙත් මෙතෙක් නොලැබුණු සිටි ස්කෑන් යන්ත්‍රයක් ලබා ගැනීම සඳහා දේශපාලන අධිකාරියේ සහයෝගය අවශ්‍ය බවත් ,ඒ සඳහා මැදිහත් වන ලෙසත් මීගමු රෝහලේ සැලසුම් අංශයේ වෛද්‍ය නිලධාරී නිෂානි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය. වෛද්‍ය නිලධාරිනිය මේ අදහස් පළ කළේ පසුගියදා මීගමුව නගර ශාලාවේදී පැවති මාර්තු මාසය සඳහා වන මීගමු සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
මහින්ද ජයසිංහ සහ සුගත් තිලකරත් යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සභාපතීත්යෙන් යුත් මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මීගමුව නාගරික කොමසාරිස්වරිය සහ ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරින් හා නිලධාරිනියන් පිරිසක්ද සහභාගි වූහ.
එහිදී මීගමු රෝහලට දැඩි අත්‍යවශ්‍යතාවයක්ව පවතින සිටි ස්කෑන් යන්ත්‍රයක් පිළිබඳව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ මෙතෙක් කලක් සිටී ස්කෑන් යන්ත්‍රයක් මීගමු රෝහල සතුව නොමැති බවයි. වසර ගණනාවක් තිස්සේ මීගමු රෝහලට සිටි ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන ලෙස ඉල්ලීම් කලද මෙතෙක් එය නොලැබී ඇත. මෙලෙසම එහිදී වෛද්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළේ ඒ සම්බන්ධයෙන් පසුගිය වසරේ එනම් 2024 වසරේ සෞඛ්‍යය ලේකම් ලේකම්වරයා ප්‍රමුඛතාවයක් ලබා දී මීගමු රෝහලට 2025 වසරේ එනම් මේ වසරේදී සිටී ස්කැන් යන්ත්‍රයක් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළද, තවම ඒ පිළිබඳව සැලසුම් සකස් වෙමින් පවතින බවත්. එහෙයින් මේ පිළිබඳව දේශපාලන අධිකාරියේ මැදිහත්වීම ලැබෙන්නේ නම් සිටි ස්කෑන් යන්ත්‍රයක් මිගමු රෝහලට ලැබීමේ අවස්ථාව වැඩිවන බවත් එහිදී වෛද්‍යවරිය පෙන්වා දුන්නාය. එලෙසම ඇය වැඩිදුරටත් අවධාරණය කළේ මීගමු රෝහලට සිටී ස්කෑන් යන්ත්‍රයක් ඉතාම අත්‍යවශ්‍ය වන බවයි . විශේෂයෙන්ම විදේශ රටවල සිට ගුවන් යානා වලින් පැමිණෙන ගුවන් මගීන් උඩුගුවනේදී හදිසි අසනීපවලට ලක්වන විට ළඟම ඇති රෝහලට ඔවුන්ව ගෙන එන බවත්, ඒ ආකාරයෙන් ගත් කළ මීගමු රෝහලට මෙවැනි සිටි ස්කෑන් යන්ත්‍රයක අවශ්‍යතාවය දැඩිව පවතින බවත් මෙම සම්බන්ධීකරණ කමිටු රැස්විමේදී වෛද්‍ය නිලධාරි නිෂානි ප්‍රනාන්දු මහත්මිය විසින් වැඩිදුරටත් අනාවරණය කරන ලදී.
මේ සම්බන්ධයෙන් මීගමු රෝහල හා සම්බන්ධ රෝහල් සංවර්ධන පදනමේ සාමාජිකයෙකුගෙන් කරන ලද විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ වසර කිහිපයකට පෙර එනම් නිලන්ති පතිරණ නමැති හිටපු රෝහල් අධ්‍යක්ෂකවරියගේ පාලන කාලය තුළ රෝහලේ එවකට සිටි විශේෂඥ වෛද්‍යවරුන් ,ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් සිටි ස්කෑන් යන්ත්‍රයක අවශ්‍යතාවය පිළිබඳව රෝහල් අධ්‍යක්ෂකවරිය ඇතුළුව රෝහල් සංවර්ධන පදනමේ සාමාජිකයන්ද දැනුවත් කළ බවයි. විශේෂයෙන්ම එම හමුවේදී වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී සිටි ස්කෑන් යන්ත්‍රයක් මීගමු රෝහල සතුව පැවතියේ නම් එම ප්‍රහාරයේදී තුවාල ලබා මිය ගිය තවත් රෝගීන් ගණනකගේ ජීවිත බේරා ගැනීමට තිබූ බවයි. ඒ අනුව එවකට මීගමු රෝහල් සංවර්ධන මම පදනම විසින් රුපියල් මිලියන 260ක වටිනාකමින් යුත් සිටි ස්කෑන් යන්ත්‍රයක් මීගමු රෝහල වෙත ලබා ගැනීමට අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා ආගමික සංවිධාන, ආයෝජන ප්‍රවර්ධන කලාපවල පිහිටි මහා පරිමාණ කර්මාන්ත ශාලා සහ ව්‍යාපාරික ආයතන වල ව්‍යාපාරිකයන්, ක්‍රීඩා සංගම් ,සමාජ ක්‍රියාකාරීන්, ජනමාධ්‍ය සංවිධාන සහ ප්‍රදේශයේ දානපතියන් සමඟ සාකච්ඡාවන් පැවැත්වුණු ඇත. ප්‍රදේශයේ සර්වාගමික නායකයන්ගේ මැදිහත්වීම සහ සහයෝගය මේ සඳහා වැඩි වශයෙන් ලැබුණු බවත් විශේෂයෙන්ම මැල්කම් රංජිත් කාදිනල්තුමාගේද සෘජු මැදිහත්වීම ඒ සඳහා ලබාදෙන බවට එතුමන් පොරොන්දු වූ බවත්, මීගමු රෝහලට එය ලබාදීමෙන් පසු එය නඩත්තු කිරීමේ කටයුතුද සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්ව සිදුකරන බවටද ප්‍රකාශ කළ බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

එලෙසම වැඩිදුරටත් අදහස් දැක්වු රෝහල් සංවර්ධන පදනමේ එම සාමාජිකයා ප්‍රකාශ කළේ මීගමු රෝහලට සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබා ගැනීමට මෙලෙස සියලු කටයුතු සූදානම්ව තිබියදී එම රෝහල් අධ්‍යක්ෂකවරියට මාරුවීමක් ලැබුණු බවයි. ඉන්පසුව පැමිණි රෝහල් අධ්‍යක්ෂකවරයාද රෝහලේ සිටියේ මාස තුනක් වැනි කෙටි කාලයක් බවත් , ඉන්පසුව පැමිණි ප්‍රියන්ත නමැති රෝහල් අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ මීගමුව රෝහලට අවශ්‍යතාවයක්ව පවතින සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ඉතා ඉක්මනින්ම සෞඛ්‍ය අමාත්‍යංශය හරහා ලබාදීමට කටයුතු කර ඇති බවයි. ඒ අනුව එම රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ රෝහල් සංවර්ධන පදනමේ සහ සෙසු අයගේ පරිත්‍යාගය ඒ සඳහා අවශ්‍ය නොවන බවයි. ඒ අනුව මීගමුව රෝහල සඳහා සිටි ස්කෑන් යන්ත්‍රයක් ලබා ගැනීමේ උත්සාහය ව්‍යාර්ථ වූ බවත්, රෝහල් සංවර්ධන පදනමේ එම සාමාජිකයා වැඩිදුරටත් පැවසීය
මෙහිදී ඔහු පෙන්වා දුන්නේ එදා එම කාර්ය අඛණ්ඩවම සිදුවූයේ නම් මේ වන විටත් සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් මීගමු රෝහල සතු ව ඇති බවත් , එම යන්ත්‍රය නිසා රෝගී ජනතාවටද විශාල සේවාවක් දැනටමත් සිදුවන බවත්ය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් රෝහලේ කාර්ය මණ්ඩලයේ නිලධාරියකුද පැවසුවේ හිටපු රෝහල් අධ්‍යක්ෂකවරයාගේ එම අත්තනෝමතික ප්‍රකාශයන් සහ හරි හැටි සොයා නොබලා ගත් තීන්දු තීරණ නිසා රෝහලට පැමිණෙන රෝගී ජනතාවට විශාල අසාධාරණයක් ,සහ විශාල පාඩුවක් සිදුවී ඇති බවයි.