මීගමු රෝහලේදි එන්නතක් වැරදිමකින් රෝගියෙකුගේ ජිවිතය අනතුරේ ? ?

0
263

cyringerමීගමුව රෝහලේදි එන්තක් වැරදිමක් නිසා තමන්ට දැන් රැකියාවක් හෝ කරගන්නට බැරි තරම් අසරණ තත්වයකට පත්ව ඇතැයි රෝගියෙකු විසින් පොලිසියට පසුගියදා පැමිණිල්ලක් සිදුකර තිබුණි.
මේ සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවිය අමතා ඔහු පවසා සිටියේ පසුගිය ජුනි මාසයේදි ඔහු විසින් ගැස්ට්‍රයිටීස් සදහා බෙහෙතේ ගැනිමට මීගමුව රෝහලේ 6 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි එහි හෙදියක් විසින් වැරදි නහරකට මේ එන්නත ලබාදිම හේතුවෙන් එකි නහර මිය ගොස් ඇති බවය.
එන්නත ලබාදිමෙන් පසුව තමන්ට දරාගත නොහැකි වේදනාවක් ඇතැයි අදාල හෙදියට අවස්ථා කිපයදිම දන්වා තිබුණද ඇය එය කිසිදු ගණනකට නොගෙන බෙහෙත් විද්දම ඔහොම තමයි තව ටිකකින් හොද වෙයි කියා පවසා ඇත.
කෙසේ වෙතත් සිය පවුලේ අය පැමිණ වෙනත් හෙදියක් වෙත අදාල තත්වය දැන්විමෙන් පසු කලබලයට පත්වු එම හෙදිය වහාම අදාල වෛද්‍යවරයා කැදවා  රෝගියාව කොළඹට මාරුකර යවා ඇත.
එහිදි වහාම ක්‍රියාත්මක ඇති වෛද්‍යවරුන් රොගියාගේ ජිවිතය බේරාගැනිමට මහත් වෙහෙසක් ගෙන ඇත.
එහෙත් ඒ සියල්ල අවසන එන්නත වැරදි නහරයකට ලබාදි තිබිම හේතුවෙන් ඒ මිය ගිය නගර ඉවත් කරන්නට පවා සිදුව තිබුණ අතර මෙම රෝගියාට දැන් සිය දකුණේ අතේ ඇගිලි දෙකක්ද අහිමිව ගොස් ඇත.
දෙදරු පියෙකු වු ඔහු රියදුරු රැකියාවේ මෙන්ම ගඩොල් කැපිමේද නිරත අයෙකි.
දැන් මේ කිසිදු රැකියාවක් කරගැනිමට නොහැකිව මහත් අසරණ තත්වයකට පත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here