මීගමු රෝහලේ ඔෟෂධ නෑ එන්නත් කටු පිටින් අරන් එන්න.

0
53

පසුගිය ඉරුදින දවල්   මම මීගමුව රෝහලේ එන්නත් කාමරයට ගියද කිසිවෙකුත් එහි  නොවීය.පසුව මා ඒ පිළිබදව මූලික ප්‍රතිකාර ඒකකයට ගොස් ඒ ගැන විමසා සිටියෙමි. එහි වු ඉතා කාරුණික හෙද නිළධාරි මහතෙකු මේ පිළිබදව විමසා මට පිළිතුරක් දෙන්නට සෑහෙන වෙහෙසක් ගත්තේය.
අනතුරු අවස්ථා 5 ක දි වරින් වර එන්නත් කාමරට ගිය මා හට 6 වන වතාවේ එහි හෙද නිළධාරිණියක් සිටින බව දුටුවෙමි.
මාගේ  ලියවිලි විමසා බැලු ඇය සිරින්ජරයක විස්තර ඇතුලත්   ඉටිකොලයක් මට දි පවසා සිටියේ මෙය පිටින් රැගෙන එන ලෙසය.
ඉදිරිපිට වු පාමසියකින් එය මිළට ගත් මා පසුව පැමිණ එන්නත ලබාගතිමි. තවදුරටත් හෙදිය පවසා සිටියේ රෝහලේ දැන් බොෙහා් බේත් නැති බවය.
පාමසියේ සිටි තරුණයා පවා තහවුරු කර සිටියේ බොහො දෙනෙක් සිරින්ජර ගැනිමට එහි පැමිණෙන බවය.
රෝහල් තාප්පයේද අලවා තිබුන පෝස්ටරයක සදහන් වු තිබුනේ කොයින් නම් පුද්ගලික රෝහලක බාහිර ප්‍රතිකාර අංශය නොමිලේ බවත් අයකරන්නේ ඔෘෂධ වලට පමණක් බවත්ය.මීගමුව රෝහලේ තත්වයත් එලෙසින්ම වේද???
වෙනසකට අැත්තේ  කොයින් රෝහල කොහෙන් පාත් වු එකක්ද යන්නයි. රජයට නැති කැක්කුමක් ඒ අයට ඇතිවන්නේ කෙසේ ද යන්නයි.