මීගමු රෝහලේ දොස්තර වෙස්ගත් අමුතු හොරෙක් ?

0
144

NGB hospital 2තමන් වෛද්‍ය වරයෙකු බව අඟවා රන් භාණ්ඩ සොරකම් කර ගනිමින් පලායන පුද්ගලයකු පිළිබඳව මීගමුව මහ රෝහලෙන් ආරංචි වේ.
මේ ගැන සොයා බැලීමේදී මෙම පුද්ගලයා එක් අවස්ථාවක රෝගී කාන්තාවකගේ මව සමඟ කුළුපගවී එම අදාල රෝගී කාන්තාවට (දුව ) පරීක්ෂණයක් සඳහා යැයි පවසා ඇගේ රන් අාභරණ සියල්ල ගැලවීමට සලස්වන ලදී . ඉන්පසු එම පාර්සලය වෙනත් ඤාතියෙකු වෙත ලබාදී පසුව උපක්‍රමශීලීව එම පාර්සලය තමන් අතට ⁣ගෙන පලාගොස් ඇත. මේ වනවිට දෙවතාවක් මෙම සිදුවීම ක්‍රියාත්මක කිරීමට ඔහු සමත්වී ඇත .
එසේම විදුලි සෝපානය තුළ සිට මුදල් පසුම්බි හොරෙන් රැගෙන ⁣යාමේ හොරකමක් පිළිබඳවද ආරංචි විය. මෙම හොරකමද ඉහතකී පුද්ගලයා විසින්ම කරන ලද්ද බව ආරක්ෂක අංශයේ මහතකු අප සමඟ පැවසීය .
කලින් සඳහන් කල රන් ආභරණ ගලවා⁣ රැගෙන පලායාම පිළිබඳව වැඩි ප්‍රචාරයක් රෝහල තුළ සිදුවී නැති බව පෙනිණ .6 වාට්ටුවේදී මෙම පළමු සිදුවීම සිදුවූ අවස්ථාව බවත්, අනිත් අවස්ථාව සිදුවී ඇත්තේ රුධිර පරීක්ෂණය කරන ස්ථානයේ බවත් ආරක්ෂක අංශ නිලධාරියෙකු අප සමඟ පැවසීය . මේ අනුව රෝහලට පැමිණෙන සියළු දෙනා රෝහල් පරිශ්‍රය තුළ දැඩි අවධානයකින් කටයුතු කලයුතු බව අප අවධාරණය කරන්නෙමු .