මීගමු රෝහලේ ප්‍රතිසංස්කරණ වැඩසටහන වන් මෑන් ෂෝ එකක්ද ?

0
67

202002 වසරේදී වැඩ නිමවූ නමුත් වර්ථමානය වන විට නැවතත් ප්‍රතිසංස්කරණ මට්ටමට පත්ව ඇති මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ එකී ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රධාන  වශයෙන් භාරවී ඇත්තේ ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතාටයි. මේ වන විට එම ප්‍රතිසංස්කරණ  කටයුතු වල මූලික පියවරක් ලෙස සිදුවන වර්ග අඩි 60,000ක පමණ විශාලත්වයකින් යුතු යකඩින් නිමවන ගොඩනැගිල්ලේ ඉදිකිරීම්, දැනට ලැබී ඇති මුදලින් නිසි ආකාරව නිමකරගැනීම සදහා ගැලපෙන සැලැසුමක් එතුමාට ඇත්දැයි සැමට තවමත ප්‍රහේලිකාවකි.

රෝහල් කමිටුවේ සමාජිකයෙකු වන නීතීඥ වින්සන්ට් බුලත්සිංහල මහතා පසුගියදා මාධ්‍ය වෙත පවසා සිටියේ 2002 වසරේදී වැඩ නිමවූ මෙම ගොඩනැගිල්ල ඉදිවන කාලය තුල ඉදිකිරීම් කරන සමාගම හා රෝහල් පරිපාලනය අතර ප්‍රමාණවත් සංවාදයක් නොපැවතීම හේතුවෙන් මේ වන විට මේ තත්වය උදා වී ඇති බවයි. එමෙන්ම මේ වන විට රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු වන් මෑන් ෂෝ එකක් බව පසුගිය ජුනි 17 වන දින රෝහල ඉදිරිපිට පැවැති දැවැන්ත විරෝධතාවයේදී අදහස් දක්වමින් බස්නාහිර පළාත් සභා අමාත්‍ය රොයිස් විජිත මහතා තවදුරටත් පවසා සිටියේය.

මෙලෙස ප්‍රදේශය පුරා රෝහල ගොඩනැගීම සම්බන්දයෙන් යම්  පිබිදීමක් වර්ධනය වෙමින් පවතී. එමනිසා නීතීඥවරුන්, කතෝලික පියතුමන්ලා, බෞද්ධ හිමිවරුන්, මුස්ලිම් පූජකවරුන් , හින්දු පූජකවරුන් හා ප්‍රදේශයේ වගකිවයුතු පුද්ගලයන්ගෙන් යුත් කමිටුවක් මගින් රෝහලේ සිදුවන ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අධීක්ෂණය කල යුතු බව සියළුම දෙනාගේම අදහස බවට මේ වන විට පත්වී ඇත.
නැතහොත් ඉදිකිරීමට නියමිත නව ගොඩනැගිල්ලට හා පැරණි ගොඩනැගිල්ලේ සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු වලටත් 2002දී අත් වූ ඉරණමම අත්වනු ඇති බවට මීගමුව ජනයා අද වන විට මැසිවිලි කියන්නට පටන් ගෙන ඇතැයි ආරංචි මාර්ග පවසා  සිටියි.21