මීගමු රෝහලේ බල්ලන්ට ස්ථාන මාරැවක්……?

0
72

පසුගිය කාල සීමාව පුරාවටම මීගමුව රෝහලේ ඩෙංගු බෝවන ස්ථාන ඇතිබවට සාක්ෂි ඇතිව ඔප්පු වී තිබුනා.මෙම තත්වය සනාථ කරමින් මීගමුව රෝහලේ නිල නිවාසයක වෛද්‍යවරයෙකුටත් ඩෙංගු රෝගය සෑදීම නිසා ඔහුට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට පවා සිදුවුණා.

එවකට තත්වය මෙසේ වුනත් රෝහල පිරිසිදු කිරීම සම්බන්දයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට රෝහල් බලධාරීන්ට එවිට මතක් වී තිබුණේ නැහැ.නමුත් මේ වන විට හදිසියේම  රැස්වීමක් කැදවා රෝහල පිරිසිදු කිරීමේ විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රෝහල් බලධාරීන්  උත්සුක වී තිබෙන බවට අපට ආරංචි වුණා.දැනට රෝහලේ පිරිසිදු කිරීම් කටයුතු භාරවී ඇති WILL SHINE ආයතනය මෙම පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන බවත් අපට වාර්ථා වුණා.

4e_street_dogs2එලෙසම කාලයක් තිස්සේ මීගමුව රෝහලේ පැවති තවත් ප්‍රශ්ණයක් බවට පත්වූයේ එහි නිදහසේ සැරිසරන විශාල සුනඛයින් ප්‍රමාණයයි.රෝහලේම වෛද්‍යවරැන් පැවසුවේ මෙම රැලේ සුනඛයින් 50ක් පමණ සිටින බවයි.එලෙසම රෝහලේ වාට්ටු වල මෙම සුනඛයින් නිදහසේ සැරිසරන අවස්ථා මාධ්‍ය වලින් පවා වාර්ථා වී තිබුණා.එම නිසාම රෝහල් බලධාරීන් විසින් පශු වෛද්‍යවරැන් කැදවා එම සුනඛයින්ව නිර්විදනය කරවා ඔවුන්ව රෝහල් පරිශ්‍රයෙන් පිට ස්ථානයකට ගෙන ගොස් දැමීමටත් කටයුතු කර ඇතැයි වාර්ථා වනවා. මෙම ක්‍රියාමාර්ග සියල්ලම අගය කළයුතු වූවත් ප්‍රශ්ණය මතු වන්නේ මෙම තීරණය ගැනීමට මේතරම් ප්‍රමාද වීම සම්බන්දයෙනුයි.

රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටින්නේ මේ ක්ෂණික වෙනසට හේතුව මීගමු රෝහලට රාජපක්ෂ පරපුරේ මුණුබුරෙකු ඩෙංගු රෝගය වැලදීමෙන් අසාද්‍ය තත්වයෙන් මීගමු රෝහලට ඇතුලත් කර තිබීම බවය.