මීගමු රෝහලේ මාරාන්තික පඩි පෙළ

0
379

20180612_163003new මීගමු රෝහලේ  අළුතින් ඉදිකරනලද තාවකාලික ගොඩනැගිල්ලේ ස්ථාපිත කරඇති බෙහෙත් දෙන ස්ථානය පිලිබද තවත් ගැටළුවක් මතුව තිබේ.
ඉතා අපහසුවෙන් ගමන්කරන සමහර රෝගීන් රෝහල් බලධාරීන්ට අසභ්‍ය වචන මුමුණමින් පඩිපෙළ තරණය කරයි.
. මෙම රෝගීන් අතර විවිධ මට්ටමේ අය සිටිති.
වයස නිසා තම ශරීරය වාරුකරගත නොහැකි අය, දනිස් අමාරු වැනි රෝගාබාධ ඇති අය, ශරීරය වෙහෙසීමට නුසුදුසු යැයි වෛද්‍යවරු නියම කළ අය ආදී වශයෙනි ඒ.
එසේ තිබියදී මෙම ස්ථානය බෙහෙත් දීම සදහා යොදා ගැනීම කොතරම් අදූරදර්ශීද කියා පැහැදිළිවිය යුතුය.
මීට පෙරද අප මේ පිළිබදව රෝහල් බලධාරින්ගේ අවධානය යොමු කර ඇත.
 දැන්වත් මෙම බලධාරීන් මෙය තේරුම් ගෙන නිසිකලමණාකාරීත්වයකින් යුතුව බෙහෙත් දීම සදහා වැඩපිළිවෙලක් සැකසිය යුතුව තිබේ