මීගමු රෝහලේ මැද පිහිටි මේ කුණු වල වහනවට විරුද්ධ කෙනා කව්ද ?

0
62

toilet pitමීගමුව රෝහලේ පැවැති වැසිකිලි ප්‍රශ්ණයට මෝඩ විසදුම් හොයන්න ගිය ඇමති ලංසාගේ ටෙන්ඩර් කරුවෙකු නිසා රෝහල් භුමිය තුල දැන් අඩි 20 ක පමණ විශාල වලක් නිර්මාණය වි ඇත.
මෙය වඩාත් අනතුරුාදයක බැවින් එය වසා දැමිම සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියළු බලධාරින් නියෝග දි තිබියදි ඒ අසල පිහිටා ඇති දේවස්ථානයේ පියතුමා පමණක් මෙයට විරෝධය පළ කර ඇති නිසා එය නිමකිරිමට දැන් නොහැකි වි ඇතැයි වාර්ථා වේ.
එමෙන්ම හදිසි අවස්ථාවකදි ගිලන් රථයක් හෝ ඒ අසලින් ගැනිමට ඇති බිය නිසා ඒවායේ රියදුරන්ට වෙනත් මාර්ග තෝරාගැනිමටද සිදුව ඇති බවද සැලය.
මේ සම්බන්ධයෙන් රෝහලේ දෙව්මැදුර භාරව සිටින නික්ලස් පියතුමාගෙන් අප කළ විමසුමක පිළිතුරු දෙමින් එතුමන් පවසා සිටියේ දේවස්ථානය ඉදිරිපිට පිහිටා ඇති මළඅපහවහන පද්ධතියට අයත් වලක් නිසා දුගද මෙන්ම තවත් අපහසුතා ඇතිවෙමින් තිබිම නිසා එයට විසදුමක් ලෙසින් වෙනත් තැනකට එය මාරුකිරිම සදහා කැපු වල දැන් අතර මග නවතා දමා ඇති බවයි.මේ නිසා එය අවසනයක් කරා ගෙනියන්නේ නැතිව එම වල වැසිමට යාමට තමන් විරුද්ධ වන බවයි.
පවතින අවධානම් තත්වය යටතේ යම් කිසිලෙසකින් කව්රුවන් හෝ මේ වලට වැටි අනතුරකට ලක්වන්නේ නම් එහි වගකිම පියතුමන් භාර ගැනිමට සුදානම්දැයි අප කළ විමසුමකට පිළිතුරු පවසා සිටියේ තමන් පමණක් නොව වැසිකිලි වලේ ප්‍රශ්ණය අතර මග නවතා දමා ඇති ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ද ඊට වගකිව යුතු බවයි.
කෙසේ වෙතත් මේ වල ඇමති ලංසාට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවෙකු විසින් භාර ගෙන ඒ කටයුත්ත සිදුකර ඇත්තේ කිසිදු  තාක්ෂණික නිපුණතාවයකින් නොවන බව හෙළි වි ඇත. උස තට්ටු ගොඩනැගිල්ලක් සහ තවත් ගොඩනැගිලි යාබදව පිහිටා තිබියදි මෙවැනි විශාල වලක් අදාල තාක්ෂණික කරුණු සැලකිල්ලට නොගෙන ක්‍රියාකිරිම නිසා ගොඩනැගිලිවල තත්වයච අනතුරේ වැටි තිබේ.
මේ නිසා මෙය අතරමග නතර කරන්නට සිදුව ඇති අතර ඒ නිසා දැනටමත් විශාල මුදලක් වැයව ඇති බවද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here